ඉන්දියාවේ දිල්ලි නගරයේ බාලිකා පාසලක කුඩා දැරියන් 16 දෙනකු පාසැල් බලධාරීන් විසින් පැය පහක කාලයක් අගුළු දැමූ කාමරයක රඳවා තබාගෙන ඇතැයි පොලිසිය පවසයි.
මෙම දැරියන්ගේ දෙමාපියන් පාසැල් ගාස්තු ගෙවීම ප්‍රමාද කිරීම නිසා මෙසේ රඳවාගෙන ඇතැයි පැවසේ. කෙසේ වුවද දෙමාපියන් චෝදනා කරන්නේ පාසල් ගාස්තු ගෙවා ඇති දරුවන් කිහිපදෙනකු ද මෙසේ රඳවා සිටි බවයි.
දැරියන් අවුරුදු හතරත් හයත් අතර වයසේ පසුවන බවත් බිම් මහලේ දැඩි උණුසුම් සහිත ස්ථානයක ඔවුන් රඳවා සිටි බවත් වාර්තා වී ඇත. දෙමාපියන් පවසන්නේ දරුවන් බඩගින්නෙන් සහ පිපාසයෙන් පෙළුණු බවයි.
දිල්ලියේ ළමා ආරක්ෂක අධිකාරිය මේ සම්බන්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
(බිබීසි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාසල් ගාස්තු නොගෙවීයැයි සිසුවියෝ 16ක් අගුළු දැමූ කාමරයකට
Senarath Thursday, 12 July 2018 03:45 AM
මේ වගේ පාසල්වලට ලමින් යවන්නේ මොකටද ? මමනම් මගේ ළමය අදම අස්කරගන්නවා. මේ තරම් පොඩි ළමයින්ට මේ වගේ කෘෘර විදියට සලකනවා නම් මෙවුන්ගෙන් මොනවා බලාපොරොත්තු වෙන්න පුලුවන්ද .