ඉන්දියාවේ දිල්ලි නගරයේ බාලිකා පාසලක කුඩා දැරියන් 16 දෙනකු පාසැල් බලධාරීන් විසින් පැය පහක කාලයක් අගුළු දැමූ කාමරයක රඳවා තබාගෙන ඇතැයි පොලිසිය පවසයි.
මෙම දැරියන්ගේ දෙමාපියන් පාසැල් ගාස්තු ගෙවීම ප්‍රමාද කිරීම නිසා මෙසේ රඳවාගෙන ඇතැයි පැවසේ. කෙසේ වුවද දෙමාපියන් චෝදනා කරන්නේ පාසල් ගාස්තු ගෙවා ඇති දරුවන් කිහිපදෙනකු ද මෙසේ රඳවා සිටි බවයි.
දැරියන් අවුරුදු හතරත් හයත් අතර වයසේ පසුවන බවත් බිම් මහලේ දැඩි උණුසුම් සහිත ස්ථානයක ඔවුන් රඳවා සිටි බවත් වාර්තා වී ඇත. දෙමාපියන් පවසන්නේ දරුවන් බඩගින්නෙන් සහ පිපාසයෙන් පෙළුණු බවයි.
දිල්ලියේ ළමා ආරක්ෂක අධිකාරිය මේ සම්බන්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
(බිබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පාසල්වලට ලමින් යවන්නේ මොකටද ? මමනම් මගේ ළමය අදම අස්කරගන්නවා. මේ තරම් පොඩි ළමයින්ට මේ වගේ කෘෘර විදියට සලකනවා නම් මෙවුන්ගෙන් මොනවා බලාපොරොත්තු වෙන්න පුලුවන්ද .