සිඞ්නිහිදීය (ඒ.එෆ්.පී)
ඔලිම්පික් ශූර උසේන් බෝල්ට් පාපන්දු පිටියට පිවිසීමට සූදානම් වන පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. උසේන් බෝල්ට් ඕස්ට්‍රේලියාවේ ‘සෙන්ට්‍රල් කෝස්ට් මරයිනර්ස්’ කණ්ඩායම සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව එම කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් අද (17) සඳහන් කළේය.
‘සෙන්ට්‍රල් කෝස්ට් මරයිනර්ස්’ යනු ඕස්ට්‍රේලියාවේ ඒ ලීගය යටතේ තරග වදින පාපන්දු කණ්ඩායමකි. අවස්ථා අටකදී ඔලිම්පික් රන් පදක්කම් ලාභියකු මෙන්ම ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම කෙටිදුර ධාවකයා ලෙසින් හැඳින්වෙන බෝල්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සහ පාපන්දු ක්‍රීඩාවට දැඩි ලෙස ප්‍රිය කරන්නෙකි.
තමන් ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩාවේ නිරත වීමට දැඩි ඇල්මක් දක්වන බව බෝල්ට් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ නිරත වීමේ තම සිහිනය සැබෑවක් කරගැනීමට මේ වනවිට බෝල්ට් සමත් වී තිබේ. පසුගිය අගෝස්තුවේ ලන්ඩනයේ පැවැති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙන් පසු මලල ක්‍රීඩාවට සමුදුන් බෝල්ට් මේ වනවිට 31 වැනි වියේ පසුවේ. හෙතෙම මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා ලෝලියෙකි.
මීටර 100 සහ මීටර 200 ලෝක වාර්තාවලට හිමිකම් කියන බෝල්ට් පසුගිය මාසයේදී නෝර්වේජියානු පාපන්දු කණ්ඩායමක් වන ස්ට්‍රෝම්ස්ගොඩ්සෙට් සමඟත් පසුගිය මාර්තු මාසයේ දී ජර්මනියේ ‘බුන්ඩෙස්ලීගා’ කණ්ඩායමක් වන බොරුසියා ඩෝර්ට්මන්ඩ් කණ්ඩායම සමඟත් පුහුණුවීම් කර ඇත.
ඉදිරි සති හයක කාලයේදී බෝල්ට් මරියිනර්ස් කණ්ඩායම සමඟ තවදුරටත් පුහුණුවීම් සහ පුහුණු තරගවලට සහභාගී වීමට නියමිත අතර එහි සාර්ථකත්වය මත බෝල්ට් සමඟ අත්සන් කෙරෙන ගිවිසුම දීර්ඝ කරන බව ‘සෙන්ට්‍රල් කෝස්ට් මරයිනර්ස්’ කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී ෂෝන් මියලිකම්ප් පැවැසීය.
“බොහෝ දේ කරන්න තිබෙනවා. ඔහු කොතරම් හොඳ පාපන්දු ක්‍රීඩකයෙක්ද කියලා අපි දැනගන්න ඕනේ. සියල්ල හොඳින් වුණොත් බෝල්ට් මෙවර ‘ඒ ලීගයේ’ සෙල්ලම් කරා.වි ඔහු යුරෝපීය පාපන්දු කණ්ඩායම් සමඟ පුහුණුවීම් කර තිබෙනවා. එහිදි ඔහු හොඳ දක්ෂතා පෙන්වා තිබෙනවා. ඔහු පුහුණුවන හැම අවස්ථාවකදීම සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා. ඔහු වම් පාදයෙන් හොඳින් සෙල්ලම් කරනවා. ඔහු නියමිත මට්ටම්වලට පැමිණේවී කියලා අපි හිතනවා” යැයි ෂෝන් කීය.
“ගිවිසුම අනුව පුහුණුවීම් පමණයි දැනට සිදුවෙන්නේ. ඊට ඕස්ට්‍රේලියානු පාපන්දු සම්මේලනයේ සහාය ද හිමිවෙනවා.
ඒ ලීගයට වීරයෙක් ඕනෑ කර තිබුණා. දැන් ඔවුන්ට ‘සුපර්මෑන්’ කෙනෙක් හම්බවෙලා. බෝල්ට් කියන්නේ දක්ෂයෙක්. අරමුණක් තිබෙන කැපවීමෙන් ක්‍රීඩා කරන කෙනෙක්. ඒ නිසා සියල්ල හොඳින් අවසන් වේවි කියලා මම හිතනවා. ඔහු ඒ ලීගයේ ක්‍රීඩා කරාවි” ගිවිසුමේ නියෝජිතයා වශයෙන් ක්‍රියා කළ ටෝනි රැලිස් කීය.
ඕස්ට්‍රේලියානු ‘ඒ ලීගය’ ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භ වීමට නියමිතය.
055
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උසේන් බෝල්ට් පාපන්දු පිටියට