IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


එක්සත් ජාතින්ගේ මානවහිමිකම් මහ කොමසාරිස් ධුරය චීලී රජයේ හිටපු ජනපතිනි මිචෙල් බැචලේට

( තිළිණි ද සිල්වා )


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව  මහකොමසාරිස් ලෙස චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපතිනි මිචෙල් බැචලේ  පත් කරනු ලැබ ඇත.


වත්මන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන සෙයිද් රාද් අල් හුසේන්ගේ සිව් වසරක ධුර කාලය මෙම මස 30 වැනිදායින් අවසන් වීමට නියමිත අතර ඉන්පසුව ලබන මස 01 වැනිදා සිට  මෙම නව මහ කොමසාරිස්වරිය ලෙස මිචෙල් බැචලේ වැඩ බාර ගැනීමටද නියමිත බව මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල නිල වෙබ් අඩවිය සඳහන් කරයි.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් විසින් මෙම ධූරය සඳහා ඇය  නම් කිරීම සිදුකරනු ලැබූ අතර ඒ අනුව ඉකුත් සිකුරාදා (10) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඒ සම්බන්ධයෙන් පැවති ඡුන්ද විමසීමකින් ඇයව පත් කර ගෙන තිබේ.

චීලී රාජ්‍යයේ හිටපු ජනාධිපතිනිය බැචලේ එම ධුරයට ඇය සැබෑ සුදුස්සා යැයි එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ඇන්තෝනියෝ ගුටරේට්ස් පවසා ඇත.


1993 වසරේ සිට නිල වශයෙන් ඇරඹි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් දුරය සඳහා තේරී පත් වූ 13 වැන්නා බැචලේ වන අතර එම ධූරයට පත් දෙවැනි කාන්තාවද ඇය. ඇයට අමතරව  දකුණු අප‍්‍රිකාවේ හිටපු නීතීවේදිනියක වන නවනීදන් පිල්ලේ මහත්මිද එම ධූරයේ කටයුතු කරනු ලැබුවාය.


මහකොමසාරිස් ධුරයට නම් කර ඇති මිචෙල් බැචලට් 2010 වසරේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා චිලී රාජ්‍යයේ  ජනාධිපතිවරිය ලෙස කටයුතු කළ අතර එරට ජනාධිපතිධරයට පත් වූ පළමු කාන්තාව ද ඇය වේ.


ලෝක දේශපාලනයේ කාන්තා බලවතුන් අතරට අයත් වන ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළේය.


දැනට  මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වශයෙන් කටයුතු කරන සෙයිද් රාද් අල් හුසේන් කුමරු එම ධුරයේ කටයුතු කළේ 2014 වසරේ සිටය. ඔහු ජෝර්දාන රජ පෙළපතට අයත් අයෙකුද වේ .ලංකාවේ සිදු වූවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඔහු ඉකුත් 2016 වසරේදී මෙරට නිල සංචාරයකද නිරත විය.



අදහස් (1)

එක්සත් ජාතින්ගේ මානවහිමිකම් මහ කොමසාරිස් ධුරය චීලී රජයේ හිටපු ජනපතිනි මිචෙල් බැචලේට

එල් ජි නිරංජලා Thursday, 30 November 2023 10:16 AM

මට ඔස්ටෙිුලියා රජයේ සරණාගත හාවයට ඉල්ලුමි කිරිමට අවශය බව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site