බොස්නියාවේ වයඹ දිග බිහැක් නගරයේ ජලවිදුලි බලාගාරයක සිදුවූ ගෑස් කාන්දුවකින් තිදෙනකු මිය ගොස් සිව් දෙනකු තුවාල ලබා ඇත.
බලධාරීන් පවසන්නේ උනා කෙස්ට්ලා ජලවිදුලි බලාගාරයේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ බලාගාරයේ සේවකයින් තිදෙනකු බවයි.
ඔවුන් ජල වහන පද්ධතියක් පිරිසිදු කරමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇත. සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
උනා කෙස්ලා ජල විදුලි බලාගාරයෙන් මෙගවොට් 13.4ක විදුලියක් නිපදවේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd