ජෙනෝවාහිදීය (රොයිටර්)
උතුරු ඉතාලියේ වරාය නගරයක් වන ජෙනෝවාහි පාලමක කොටසක් කඩා වැටීමෙන් අද (14) 35කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
අධික වර්ෂාව මධ්‍යයේ පාලමේ කොටසක් මෙලෙස කඩා වැටී ඇති අතර එම කොටස් කඩා වැටී ඇත්තේ දුම්රිය මගකට, ඒ ආසන්නයේ තිබෙන ගොඩනැගිලි හා අසලින් ගඟකටය.
අනතුරු සිදුවන විට පාලම මත මෝටර් රථ 30ත් 35ත් අතර සංඛ්‍යාවක් සහ බර වාහන පහකට ආසන්න සංඛ්‍යාවක් තිබී ඇත.
මීටර 45කට ආසන්න උසකින් පිහිටි පාලමේ ඉතිරි කොටසක් ද කඩා වැටීමේ අවදානමක් ඇති බැවින් ඒ ආසන්නයේ ගොඩනැගිලිවලින් ජනතාව ඉවත් කිරීමට ද ඉතාලි බලධාරීන් උපුටා දක්වමින් එරට අන්සා පුවත් සේවය වාර්තා කර තිබිණි.
අනතුර වූ සැණින් සහන සේවකයන්, ආරක්ෂක අංශ හා ගිනි නිවන භටයන් එම ස්ථානයට පැමිණ අතර මුදා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත.බොහෝ පිරිසක් වාහන තුළත් සුන්බුන් තුළත් සිර වී ඇතැයි ද වාර්තා වූ අතර ගිනි නිවන භටයන් 200කට ආසන්න පිරිසක් එම ස්ථානයට පැමිණි සිටි බවත් ඉතාලි මාධ්‍යය වාර්තා කළේය.
අනතුර හේතුවෙන් 13 දෙනකු රෝහල් ගත කළ බවත් ඉන් පස් දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් එම වාර්තාවල දැක්විණි.
055



2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතාලියේ ජෙනෝවාහි පාලමක කොටසක් කඩා වැටී 35ක් මරුට
sampath Wednesday, 15 August 2018 10:30 AM
ලංකාවේ දුම්රිය මාර්ගවල එති පාලම් සමහර ඒවා අවුරුදු 100 ට වැඩි මේවයේ වේගයන් සීමා කරලා තිබුණත් රියදුරන් ඒ ගෙන තැකීමක් නැතිව යන අවස්ථා තියෙනවා ඒ වගේම මේවගේ සිදුවීම් ලෝකයේ ඕන තරම් සිදු වෙලා තියෙනවා.....