එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියල අද (20) වාර්තා ගත ලෙස පහළ ගියේය.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියල 69.13ක් ලෙස වාර්තා වූ අතර අද දිනයේදී චීනයේ මුදල් ඒකකය වන යුවාන් ද ඩොලරයට සාපේක්ෂව දුර්වල විය. චීන කොටස් වෙළෙඳපොළ තුළ ඇති වූ තත්ත්වය ඊට හේතුවිය.
ඉන්දීය රුපියල තවදුරටත් පහත වැටෙනු ඇතැයි ද මහ බැංකුව ඊට මැදිහත් වීමේ අවදානමක් ඇතැයි ද වෙළෙන්ඳෝ බිය පළ කරති.
අද පෙරවරුවේ ඉන්දීය රුපියල ඩොලරයට සාපේක්ෂව 69.11/12ත් අතර අගයක් ගත දිනය අවසන් වනවිට 69.13ක් දක්වා පහළ ගියේය. ඉන්දීය රුපියල මීට පෙර ජූනි 28 වැනිදා ඉතිහාසයේ වාර්තා කළ පහළම අගය වාර්තා කළේය. එහිදි ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 69.09ක් දක්වා පහළ ගියේය.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද (20) ආසියානු කලාපයේ සියලු මුදල් ඒකක පහළ ගියේය.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් ගේ වෙළඳ යුද්දේ නියමෙට යනවා. ඇමරිකාවට හොඳයි. ලෝකේ මුල්‍ය වෙළඳපොලේ වංචා කරකර ඉන්න චින්නන්ට හොඳ වැඩේ.
හොර වැඩ කරන චීනෙට හොද පාඩමක් උගන්වන්න..