එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියල අද (20) වාර්තා ගත ලෙස පහළ ගියේය.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියල 69.13ක් ලෙස වාර්තා වූ අතර අද දිනයේදී චීනයේ මුදල් ඒකකය වන යුවාන් ද ඩොලරයට සාපේක්ෂව දුර්වල විය. චීන කොටස් වෙළෙඳපොළ තුළ ඇති වූ තත්ත්වය ඊට හේතුවිය.
ඉන්දීය රුපියල තවදුරටත් පහත වැටෙනු ඇතැයි ද මහ බැංකුව ඊට මැදිහත් වීමේ අවදානමක් ඇතැයි ද වෙළෙන්ඳෝ බිය පළ කරති.
අද පෙරවරුවේ ඉන්දීය රුපියල ඩොලරයට සාපේක්ෂව 69.11/12ත් අතර අගයක් ගත දිනය අවසන් වනවිට 69.13ක් දක්වා පහළ ගියේය. ඉන්දීය රුපියල මීට පෙර ජූනි 28 වැනිදා ඉතිහාසයේ වාර්තා කළ පහළම අගය වාර්තා කළේය. එහිදි ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 69.09ක් දක්වා පහළ ගියේය.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද (20) ආසියානු කලාපයේ සියලු මුදල් ඒකක පහළ ගියේය.
රොයිටර්
055
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩොලරයට සාපේක්ෂව ආසියානු මුදල් ඒකක දුර්වල වෙයි
neela Saturday, 21 July 2018 01:22 AM
ට්‍රම්ප් ගේ වෙළඳ යුද්දේ නියමෙට යනවා. ඇමරිකාවට හොඳයි. ලෝකේ මුල්‍ය වෙළඳපොලේ වංචා කරකර ඉන්න චින්නන්ට හොඳ වැඩේ.
banda Saturday, 21 July 2018 09:25 AM
හොර වැඩ කරන චීනෙට හොද පාඩමක් උගන්වන්න..