දකුණු අප්‍රිකාවේ ගවුටෙන්ග් පළාතේ සිට ජොහැනස්බර්ග් කරා ගමන් කරමින් තිබූ බස් රථයකට කිසියම් පුද්ගලයෙකු වෙඩි තැබීම හේතුවෙන් එහි සිටි ටැක්සි රථ රියදුරන් 11දෙනකු මියගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
තුවාල ලැබූ හතර දෙනා බරපතල තත්ත්වයේ පසුවන බව පොලිසිය පවසයි.
යහළුවකුගේ අවමගුල් උත්සවයකට සහභාගී වි ආපසු එමින් සිටි පිරිසක් මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත.
ටැක්සි රථ රියදුරන් දෙපිරිසක් අතර ගැටුමක් හේතුවෙන් මෙම ඝාතන සිදු කරන්නට ඇතැයි පොලිසිය පවසයි.
(බීබීසී ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd