IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඕස්ට්‍රේලියානු අහසේ යුද අභ්‍යාසයක්

මෙල්බන්හිදීය (රොයිටර්)
ඕස්ට්‍රලියාවේ උතුරු දිග වෙරළ තීරයට ඉහළ අහසේදී රටවල් 16ක සහභාගීත්වයෙන් ගුවන් හමුදා යුද අභ්‍යාසයක් අද (28) ආරම්භ විය.  මෙම ගුවන් හමුදා අභ්‍යාසය ආසියා ශාන්තිකර කලාපයේ පැවැති විශාලතම ගුවන් හමුදා යුද අභ්‍යාසවලින් එකක් යැයි ද පැවැසුණි. 


ඕස්ට්‍රේලියාවේ උතුරු දිග නිවර්තන නගරයක් වන ඩාර්වින් නගරය මෙම ගුවන් හමුදා පුහුණු යුද අභ්‍යාසයේ සත්කාරකත්වය දැරූ අතර 4,000කට ආසන්න පිරිසක් ඊට සම්බන්ධ වූ අතර යානා 140ක් යොදා ගැනුණි. ඉදිරි සති තුනක කාලයේදීද පුහුණු අභ්‍යාස පැවැත්වීමට නියමිතය. 


ආසියානු ශාන්තිකර කලාපයේ ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව හා කලාපයේ රටවල් අතර සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් මෙම පුහුණ ගුවන් හමුදා යුද අභ්‍යාසය පැවැත්වෙයි. 


මෙම යුද අභ්‍යාසය ආරම්භ වූයේ ඕස්ටේ්‍රලියාව සහ සිංගප්පූරුව අතරය. එය මුලින්ම පවත්වන ලද්දේ 1990 වසරේදීය. අද වනවිට ඊට රටවල් 16ක් එක්ව සිටී. 


ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, නෙදර්ලන්තය, පිලිපීනය, සිංගප්පූරුව, ස්වීඩනය, තායිලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල ගුවන් හමුදා මෙම පුහුණු ගුවන් යුද අභ්‍යාසයට එක්වේ. 



- 055



අදහස් (0)

ඕස්ට්‍රේලියානු අහසේ යුද අභ්‍යාසයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site