දෙරා ඉස්මයිල් ඛාන්හිදීය (රොයිටර්)
අගමැති අපේක්ෂක සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන් තරීක් ඊ ඉන්ෆාස් පක්ෂයේ අපේක්ෂකයකු අද (22) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්විය.
මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී එල්ල වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සිව්දෙනෙක් තුවාල ලැබූහ.
වයඹ දිග පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වාහි සිදු වූ මෙම ප්‍රහාරය පසුගිය සති කිහිපයේදී දේශපාලන රැස්වීම් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරවල දිගුවකි. වඩාත් මිලේච්ඡ සහ දරුණුතම ප්‍රහාරය වූයේ මේ මස ආරම්භයේදී එල්ල වූ ප්‍රහාරයයි. එම ප්‍රහාරයෙන් 149ක් ජීවිතක්ෂයට පත්වූහ.
අද (22) ප්‍රහාරය එල්ල වූයේ පාකිස්තාන් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය එසේත් නැතිනම් ‘පාකිස්තාන සාධාරණ ව්‍යාපාරය’ පක්ෂයේ අපේක්ෂකයකු වන ඉක්රාමුල්ලා ගන්ධාපූර්ගේ රථය ඉලක්ක කරගනිමිනි. දේශපාලන රැළියකට සහභාගී වී යමින් සිටියදී ඔහු මෙලෙස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ගොදුරු විය.
ගන්ධාපූර්ට මීට පෙර අවස්ථා කිහිපයකදීම මරණ තර්ජන එල්ල වී තිබුණු අතර ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 11 දෙනකු යොදවා තිබිණි. කෙසේ නමුත් අද (22) පැවැති දේශපාලන රැස්වීම සම්බන්ධයෙන් ඔහු පොලිසිය දැනුවත් කර නැතැයි ද වාර්තා විය. කෙසේ නමුත් ඔහු සමඟ සිට පොලිස් නිලධාරීන් දෙදෙනකු ප්‍රහාරයෙන් මියගොස් ඇතැයි වාර්තා විය.
පාකිස්තාන තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබූ අතර එම සංවිධානයේ ප්‍රකාශකයකු ඒ බව සඳහන් කරමින් ප්‍රකාශයක් ද නිකුත් කර තිබිණි.
ගන්ධාපූර්ගේ සහෝදරයා 2013 වසරේ පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටි අතර ඔහුද නිවසට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.
055
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉම්රාන්ගේ පක්ෂයේ අපේක්ෂකයෙක් බෝම්බ ප්‍රහාරයකින් මරුට