ෂංහයිහිදීය (රොයිටර්)
චීනය එරට අගනුවර වන බීජිං නුවර පිහිටි කර්මාන්තශාලා 1,000කට ආසන්න ප‍්‍රමාණයක් 2020 වනවිට වසා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
කර්මාන්තශාලාවලින් පිටවන දුමාරය අඩු කිරීමේ සහ එරට අනෙකුත් කලාපවල ආදායම් වැඩි කිරීමේ වැඩසටහනකට අනුව චීන රජය එලෙස බීජිං අගනුවර පිහිටි නිෂ්පාදන ව්‍යාපාර වසා දමන බව එරට රාජ්‍ය මාධ්‍ය අද (30) වාර්තා කළේය.
සාමාන්‍ය නිෂ්පාදන ක‍්‍රමවේදවලින් ඉවත් වී ගතික, වේගවත් උසස් තාක්ෂණික කර්මාන්ත වෙත යොමුවීම කෙරෙහි චීනය අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ. බීජිං නගර සභාව මෑතකදී පළ කරන ප‍්‍රතිපත්ති දැක්වෙන ලියවිල්ලක් උපුටා දක්වමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ‘පීපල්ස් ඬේලි’ පුවත්පත ඉහත කරුණු මුලින්ම වාර්තා කර තිබිණි.
නිෂ්පාදන ව්‍යාපාර, කර්මාන්තශාලා සහ සමාගම් ලියාපදිංචිය ඉල්ලමින් ඉදිරිපත් කරන අයදුම්පත‍්‍ර 19,500ක් මේ වනවිටත් බීජිං නගර සභාව විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. බීජිං අගනුවර දැනට තිබෙන සාමාන්‍ය නිෂ්පාදන ක‍්‍රමවේදවලට නිෂ්පාදන කටයුතු කරන ව්‍යාපාර, සමාගම් සහ කර්මාන්තශාලා 2,465ක් චීනයේ වෙනත් කලාපවලට ගෙන යෑමට හෝ වසා දැමීමට හෝ මේ වනවිටත් පියවර ගෙන ඇතැයි අදාළ ප‍්‍රතිපත්තිමය ලියවිල්ලේ සඳහන්ව ඇත.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2020දී චීනයේ කර්මාන්තශාලා 1000ක් වසා දැමීමට පියවර