බීජිංහිදීය (රොයිටර්)

චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති වී තිබෙන වෙළෙඳ යුද්ධය උග්‍ර වීම නිසා මූල්‍ය වෙළෙඳපොළ රැසක් අද (19) අර්බුදකාරී තත්ත්වයකට පත්විය. 

ඇමෙරිකා ජනාධිපතිවරයා චීන තාක්ෂණික ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් චීන ආනයන මත සියයට 25ක බදු පැනවීමට තීරණය කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඩොලර් බිලියන 50ක ඇමෙරිකා භාණ්ඩ මත බදු පැනවීය. ඒත් සමඟම තවත් ඩොලර් බිලියන 200ක චීන නිෂ්පාදන පැනවීමට කටයුතු කරන බවට ඇමෙරිකා ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකා ජනාධිපතිවරයා වෙළෙඳ යුද්ධයක් ඇති කිරීමට කටයුතු කරන බවට චීනය චෝදනා කළේය. 

ඇමෙරිකා එක්සත් ජනපද දත්තවලට අනුව චීනයට කරන ඇමෙරිකා එක්සත් ජනපද ආනයනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 70ක් වේ. මේ නිසා ඇමෙරිකා එක්සත් ජනපදය නැවත බදු පැනවීමක් කළහොත් චීනය ඊට තරමක වෙනස් ආකාරයක ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි ආර්ථිකවේදිහු පවසති. 

055