IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නයිරෝබි ගින්නකින් 15ක් මරුට -70කට තුවාල

කෙන්යාවේ අගනුවර වන නයිරෝබි නගරයේ වෙළඳපොළක ඇතිවූ ගින්නකින් 15දෙනකු පමණ මියගොස් 70ක් පමණ තුවාල ලබා ඇත. මියගිය අය අතර දරුවන් හතර දෙනකු ද සිටින බව රෝහල් බලධාරීහු පවසති.

 
ගින්න හටගෙන ඇත්තේ රාත්‍රී කාලයේ බවත් ගොඩනැගිලි බොහොමයක් ගින්නෙන් දැවී විනාශ වී ඇති බවත් පැවසේ. 
 
මෙය නගරයේ එළිමහන් ස්ථානයක පැවැත්වෙන දැවැන්ත වෙළඳපොලක් වන අතර පාවිච්චි කරන ලද ඇඳුම්, සපත්තු, එළවළු සහ දැව විකිණීමට තබා ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත. 
 
ගින්න නිවා දැමීමට පැය දෙකක පමණ කාලයක් ගතවී ඇති අතර ගින්න හටගැනීමට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. 
 
(බීබිසී ඇසුරිණි - 085)



අදහස් (0)

නයිරෝබි ගින්නකින් 15ක් මරුට -70කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site