(මොස්කව්හිදීය (රොයිටර්)
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට එක්ව සිටින ජපාන කණ්ඩායම තරග වදිනු නැරඹීම සඳහා එරට තකමාදෝ කුමරිය අද (18) රුසියාවට පැමිණෙන බව ‘කියෝදෝ’ පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව ජපාන රාජකීයකු රුසියාවට පැමිණෙන්නේ වසර 100කට පසුවය.
ඇමෙරිකානු මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීම සහ රුසියාව ජපානය උතුරට වන්න පිහිටි දූපත් සමූහයකට ප්‍රහාරක යානා යැවීමට ක්‍රියා කිරීම නිසා රුසියාවත් ජපානයත් අතර සබඳතා මේ වනවිට තරමක් දුරට පළුදු වී තිබේ.
රුසියාව ප්‍රහාරක යානා යවන ලද දූපත් සම්බන්ධයෙන් ද දෙරට අතර මතභේද පවතී. එම දූපත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සෝවියට් හමුදා විසින් අල්ලා ගනු ලැබූ ඒවාය.
දෙවැනි ලෝක යුද්ධය අවසන් වීම හේතු කරගනිමින් තවමත් දෙරට අතර සාම ගිවිසුමකට අත්සන් තබා නොමැති අතර ඒ නිසා දූපත සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙරට අතර මතගැටුම් පවතී.
රුසියාවට පැමිණීමට නියමිත තකමාදෝ කුමරිය දින 8ක් එහි රැඳී සිටීමට නියමිත අතර 1916 පසුව ජපාන රජ පවුලේ සාමාජිකයකු රුසියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය යැයි ද ‘කියෝදෝ’ පුවත් සේවය වාර්තා කර තිබේ.
මෙම සංචාරයේදී ඇය රුසියානු ජනාධිපති පුටින් හෝ එරට ඉහළ පෙළේ පිරිස් හෝ නිලධාරීන් හෝ හමුවීමට සූදානමක් නැතැයි ද කියෝදෝ පුවත් සේවය වාර්තා කර තිබිණි.
කෙසේ නමුත් ඇය පළමු වටයේදී ජපානය සහභාගී වන පළමු තරග ත්‍රිත්වයම නරඹන බව එම පුවත් සේවය සඳහන් කර තිබේ.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමිය ක්‍රීඩාවේ නාමයෙන් සාමයේ බිජුවට පැල කරන්න තවාන සැකසීමට සුදානම් වන්නීය.