IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීමට තකමාදෝ කුමරිය රුසියාවට

(මොස්කව්හිදීය (රොයිටර්)

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට එක්ව සිටින ජපාන කණ්ඩායම තරග වදිනු නැරඹීම සඳහා එරට තකමාදෝ කුමරිය අද (18) රුසියාවට පැමිණෙන බව ‘කියෝදෝ’ පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව ජපාන රාජකීයකු රුසියාවට පැමිණෙන්නේ වසර 100කට පසුවය. 

ඇමෙරිකානු මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීම සහ රුසියාව ජපානය උතුරට වන්න පිහිටි දූපත් සමූහයකට ප්‍රහාරක යානා යැවීමට ක්‍රියා කිරීම නිසා රුසියාවත් ජපානයත් අතර සබඳතා මේ වනවිට තරමක් දුරට පළුදු වී තිබේ. 
 
රුසියාව ප්‍රහාරක යානා යවන ලද දූපත් සම්බන්ධයෙන් ද දෙරට අතර මතභේද පවතී. එම දූපත්  දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සෝවියට් හමුදා විසින් අල්ලා ගනු ලැබූ ඒවාය. 


දෙවැනි ලෝක යුද්ධය අවසන් වීම හේතු කරගනිමින් තවමත් දෙරට අතර සාම ගිවිසුමකට අත්සන් තබා නොමැති අතර ඒ නිසා දූපත සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙරට අතර මතගැටුම් පවතී. 

රුසියාවට පැමිණීමට නියමිත තකමාදෝ කුමරිය දින 8ක් එහි රැඳී සිටීමට නියමිත අතර 1916 පසුව ජපාන රජ පවුලේ සාමාජිකයකු රුසියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය යැයි ද ‘කියෝදෝ’ පුවත් සේවය වාර්තා කර තිබේ. 

මෙම සංචාරයේදී ඇය රුසියානු ජනාධිපති පුටින් හෝ එරට ඉහළ පෙළේ පිරිස් හෝ නිලධාරීන් හෝ හමුවීමට සූදානමක් නැතැයි ද කියෝදෝ පුවත් සේවය වාර්තා කර තිබිණි. 

කෙසේ නමුත් ඇය පළමු වටයේදී ජපානය සහභාගී වන පළමු තරග ත්‍රිත්වයම නරඹන බව එම පුවත් සේවය සඳහන් කර තිබේ.    

(055)



අදහස් (1)

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීමට තකමාදෝ කුමරිය රුසියාවට

Thilina Monday, 18 June 2018 07:19 PM

එතුමිය ක්‍රීඩාවේ නාමයෙන් සාමයේ බිජුවට පැල කරන්න තවාන සැකසීමට සුදානම් වන්නීය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 747 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2403 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site