IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉන්දියාවේ ශිම්ලා හි උග්‍ර ජල හිඟයක්


 
 
ඉන්දියාවේ ප්‍රසිද්ධ  සංචාරක නගරයක් වන ශිම්ලා නගරය උග්‍ර ජල හිඟයකින් පීඩා විඳින බවත් ඒ හේතුවෙන් සංචාරකයන්ට එහි පැමිණීමෙන් වළකින ලෙස නගරවැසියන් විසින් ඉල්ලා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
 
සතියකට වැඩි කාලයක් තිස්සේ මෙම ජල හිඟය පවතින අතර මේ වනවිට කුඩා පරිමාණයේ හෝටල් වසා දමා ඇති බව බලධාරීහු පවසති. 
 
ලක්ෂ දෙකක පමණ ජනගහනයක් සිටින මෙම නගරයේ ජනයා ජලය ලබාගැනීම සඳහා පැය ගණන් දිගු පෝලිම්වල සිටගෙන සිටින බව පැවසේ.
 
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද සංචාරකයන්ට පැමිණීමෙන් වළකින ලෙස විශාල වශයෙන් ඉල්ලීම් කර ඇති බවත් වාර්තා වේ.
 
පසුගිය අඟහරුවාදා (29) ප්‍රධාන අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට නගරවැසියන් විසින් විරෝධතාවයක් සිදු කරන ලද අතර එහිදී පොලිසිය සමඟ ගැටුමක් ද ඇතිවී තිබේ.
 
සංචාරකයින් වැඩිපුර පැමිණෙන්නේ එළඹෙන ජුනි මාසයේදී බවත් එවිට වැසියන්ගේ ජීවිත මීටත් වඩා දුෂ්කර තත්ත්වයකට පත්වනු ඇති බවත් ඔවුහු චෝදනා කරති. 
 
ශිම්ලා බලධාරීන් විසින් ජාත්‍යන්තර ශිම්ලා ග්‍රීෂ්ම උත්සවයද කල් දමා ඇතැයි පැවසේ.
 
(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (0)

ඉන්දියාවේ ශිම්ලා හි උග්‍ර ජල හිඟයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 747 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2403 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site