අන්කාරාහිදීය (රොයිටර්)

න්‍යෂ්ටික අවි තිබෙන රටවල් ලෝකයට තර්ජනය කරන්නේ යැයි තුර්කි ජනාධිපති තායිප් රිසෙප් එර්දොවාන් චෝදනා කරයි.

න්‍යෂ්ටික අවි තිබෙන රටවල් ලෝකයට තර්ජනය කරමින් සිටින බවට චෝදනා කළ උතුරු කොරියානු නායකයා ඇමෙරිකා එක්සත් ජනපදය 2015 දී අත්සන් තැබූ ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්’ ඉවත් වීමට ගත් තීරණය ද විවේචනය කළේය. 

න්‍යෂ්ටික යුද ශීර්ෂ 15,000ක් පමණ තිබෙන රටවල් අද වනවිට ලෝකයට තර්ජනය කරමින් සිටින්නේ යැයි හෙතෙම චෝදනා කළේය. තුර්කි ජනාධිපතිවරයා සඳහන් කළ සංඛ්‍යාව එක්සත් ජනපදයේ සහ රුසියාවේ න්‍යෂ්ටික යුද ශීර්ෂවල එකතුවට සමානය. තුර්කි ජනාධිපතිවරයා ඉරානයට ද චෝදනා කළේය.

“න්‍යෂ්ටික යුද ශීර්ෂ තිබෙන රටවල් ලෝකයට තර්ජනය කරන්නේ ඇයි ? ” දැයි ද හෙතෙම විමසීය. 

“අපි සාධාරණ නම්, සාධාරණ බවක් පෙන්වීමට නම්, න්‍යෂ්ටික අවි තිබෙන රටවල් න්‍යෂ්ටික බලාගාර තිබෙන රටවලට ජාත්‍යන්තර ප්‍රජාව තුළ වගවීමක් තිබෙන්න බැහැ” යැයි මුස්ලිම්වරුන්ගේ ශුද්ධ මාසය වන රාමදාන් මාසයේ ‘ඉෆ්තාර්’ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වෙමින් තුර්කි ජනාධිපතිවරයා කීය. 

මැද පෙරදිග කලාපය න්‍යෂ්ටික අවිවලින් තොර විය යුතු බව සඳහන් කළ තුර්කි ජනාධිපතිවරයා මැද පෙරදිග කලාපයේ න්‍යෂ්ටික අවි තිබෙන එකම රට ඊශ්‍රායල යැයි තමන් විශ්වාස කරන බව ද කීය. 

055