බීරූට්හීදය (රොයිටර්)
ඩැමැස්කම් අගනුවර වටා පිහිටි සියලු ප්‍රදේශවල බලය තහවුරු කර ඇතැයි සිරියානු හමුදාව අද, සඳුඳා (21) ප්‍රකාශ කළේය.
වසර හතක් මුළුල්ලේ පවතින සිරියානු සිවිල් යුද්ධයේදී මේ ආකාරයෙන් ඩැමැස්කම් අගනුවර සහ ඒ අවට සියලු ප්‍රදේශවල බලය තහවුරු කළ බව සිරියානු හමුදාව ප්‍රකාශයට පත් කළේ පළමු වරටය. ඩැමැස්කස් අගනුවර අවට ඇතැම් ප්‍රදේශ ආණ්ඩු විරෝධී කැරැලිකරුවන්ගේ පාලනයට නතු වූ අතර ඇතැම් ප්‍රදේශ අයි.එස් සටන්කාමීන්ගේ පාලනයට හසු විය.
අල් හජාර් අල් අස්වාද් දිස්ත්‍රික්කය සහ ඩැමැස්කස් ආසන්නයේ ‘යාර්මූක් පලස්තීන සරණාගත’ කඳවුර පිහිටි දිස්ත්‍රික්කය අයි.එස් පාලනයෙන් මුදා ගෙන බලය තහවුරු කිරීම සඳහා ආණ්ඩු හිතවාදී හමුදා සති කිහිපයක් මුළුල්ලේ සටන් වැදුණාහ.
අල් හජාර් අල් අස්වාද් සහ යාර්මූක් සටන්කාමීන්ගේ මුදාගත් බව රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් සිරියානු හමුදාවේ නිලධාරියෙක් පැවැසීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd