බීරූට්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ඉරානයට දැඩි සම්බාධක පනවන බවට ප්‍රකාශ කිරීමත් සමඟ ඉරානයෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනතාව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාගේ කටට පහරක් ගැසීමෙන් ප්‍රතිචාර දක්වනු ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියකු පවසා ඇත. ඉරානයට දැඩි සම්බාධක පැනවිය යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සඳුඳා (21) පැවැසීය. ඉරානය දිගින් දිගටම හිතුවක්කාරී ලෙස මැද පෙරදිග සහ මධ්‍යධරණී මුහුදු කලාපයේ ඔවුන්ගේ දේශපාලන සහ හමුදාමය බලපෑම් වැඩි කරමින් සිටින්නේ යැයි ද ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා එහිදි චෝදනා කළේය.
“ඉරානයේ ජනතාව මීට එරෙහිව නැගි සිටිය යුතුයි. ඇමෙරිකා එක්සත් රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ කටට මුහුණට ගැසිය යුතුයි. ඔහුට සහාය දක්වන ඕනෑම අයකුටත් එසේ කළ යුතුයි” යැයි ඉරානයේ සරොල්ලාහ් විප්ලවීය බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී ඉස්මයික් කොව්සාරි පවසා ඇතැයි එරට පුවත් සේවයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
055
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මයික්ට ඉරානයේ විරෝධය