බීරූට්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ඉරානයට දැඩි සම්බාධක පනවන බවට ප්‍රකාශ කිරීමත් සමඟ ඉරානයෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනතාව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාගේ කටට පහරක් ගැසීමෙන් ප්‍රතිචාර දක්වනු ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියකු පවසා ඇත. ඉරානයට දැඩි සම්බාධක පැනවිය යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සඳුඳා (21) පැවැසීය. ඉරානය දිගින් දිගටම හිතුවක්කාරී ලෙස මැද පෙරදිග සහ මධ්‍යධරණී මුහුදු කලාපයේ ඔවුන්ගේ දේශපාලන සහ හමුදාමය බලපෑම් වැඩි කරමින් සිටින්නේ යැයි ද ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා එහිදි චෝදනා කළේය.
“ඉරානයේ ජනතාව මීට එරෙහිව නැගි සිටිය යුතුයි. ඇමෙරිකා එක්සත් රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ කටට මුහුණට ගැසිය යුතුයි. ඔහුට සහාය දක්වන ඕනෑම අයකුටත් එසේ කළ යුතුයි” යැයි ඉරානයේ සරොල්ලාහ් විප්ලවීය බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී ඉස්මයික් කොව්සාරි පවසා ඇතැයි එරට පුවත් සේවයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd