හේග් නුවරදීය (ඒ.එෆ්.පී)
ඉකුත් පෙබරවාරි මාසයේදී සිරියාවේ සරාකෙබ් නගරයට එල්ල කරන ලද ප්‍රහාරයකදී රසායනික අවියක් ලෙසින් ක්ලෝරීන් භාවිත කර ඇතැයි රසායනික අවි තහනම් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය අද (16) අනාවරණය කළේය.
සිලින්ඩරවලින් ක්ලෝරීන් වායුව මුදා හැර ඇතැයි ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රසායනික අවි තහනම් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සඳහන් කළේය. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ පෙබරවාරි 4 වැනිදාය.
පරිසර සාම්පලවලින් ද ඒ බව තහවුරු වන බවත් සරාකෙබ් නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල අසාමාන්‍යය ලෙස ‘ක්ලෝරීන්’ තිබෙන හේග් නුවර පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන මෙම සංවිධානය සඳහන් කළේය.
කරුණු සෙවීමේ මෙහෙයුමක් ලෙසින් පෙබරවාරි මාසයේදී සිරියාවේ සරාකෙබ් පළාතට එල්ල වූ ප්‍රහාරයේදී රසායනික අවි එසේත් නැතිනම් විස වායු භාවිත කළේද සොයා බැලීමට රසායනික අවි තහනම් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ කණ්ඩායමක් සිරියාවේ සංචාරය කළේය.
සිරියාවේ ඩූමා නගරයට ද මේ ආකාරයෙන් ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයට සරීන් සහ ක්ලෝරීන් විස වායු යොදාගත් බවට සිරියානු රජයේ හමුදාවලට චෝදනා එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් ද රසායනික අවි තහනම් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
කෙසේ නමුත් සරාකෙබ්හිදී විස වායූ භාවිත කළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් රසායනික අවි තහනම් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය කිසිවක් සඳහන් නොකළේය.
055
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියා ප්‍රහාරයට ක්ලෝරීන් වායුවත් යොදා ගෙන