බෙල්ජියමේ නැගෙනහිර ලීග් නගරයේදි තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ

වෙඩි තැබීමෙන් මියගිය අනෙක් පුද්ගලයා සාමාන්‍ය වැසියෙකු බවත් පොලිස් නිලධාරීන් හතර දෙනකු තුවාල ලබා ඇති බවත් බලධාරීහු පවසති. පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාර වලින් ඝාතකයා මියගොස් ඇති අතර ඊට ප්‍රථම ඔහු විසින් ඒ ආසන්නයේ පිරිසිදු කිරීමේ කටයුතු වල නිරතව සිටි කාන්තාවක් ප්‍රණ ඇපයට ගෙන රඳවාගෙන සිටි බවද පැවසේ.

පොලිසිය පවසන්නේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි. කෙසේ වුවද ඝාතකයාගේ අරමුණ කුමක්දැයි පැහැදිලි නොමැති බවද පොලිසිය පවසයි.

ඝාතකයා මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරුව සිට ප්‍රහාරයට දිනකට ප්‍රථම සිරභාරයෙන් නිදහස් වූ අයෙකු බව වාර්තා වී ඇත.

(බීබීසි ඇසුරිණි - 085)