ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ අකුණු ගැසීම්, ගස් හා තාප්ප කඩා වැටීම හේතුවෙන් පසුගිය දින දෙක තුල 48දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පමණක් 16ක් මියගොස් ඇතැයි පැවසේ. අසල්වැසි බිහාර් ප්‍රාන්තයේ අකුණු ගැසීම් හේතුවෙන් 11දෙනකුද තද සුළං වලට හසුවීමෙන් 8 දෙනකුද මියගොස් ඇත.ඉන්දියාවේ ආපදා කළමණාකරන අමාත්‍යාංශය පවසා ඇත්තේ තත්ත්වය ඉතා අවදානම් බවයි.

පසුගිය මාස දෙකේ පමණක් ඉන්දියාවේ 200ක් පමණ කාළගුණයේ බලපෑම හේතුවෙන් මියගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

(සීඑන්එන් ඇසුරඅණි - 085)