මොස්කව්හිදීය (රොයිටර්)
සිරියාවේ දකුණු දේශසීමාවේ සිටිය යුත්තේ එරට හමුදා බලඇණි පමණක් යැයි රුසියාව අද, සඳුඳා (28) ප්‍රකාශ කළේය.
සිරියාවේ දකුණු දේශසීමාව ජෝර්දානයට සහ ඊශ්‍රායලයට මායිම් වේ. සිරියානු රජයේ හමුදා සටන් විරාම උල්ලංඝනය කළහොත් දැඩි පියවර ගන්නා බවට ඇමෙරිකා එක්සත් ජනපදය කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියාව මේ බව ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලය සමඟ මායිම් වන ගෝලාන් කඳුකරය සහිත නිරිත දිග සිරියාවේ මායිම්වල පාලන බලය ආණ්ඩු විරෝධී කැරැලිකරුවන් සතු වේ. ඊට ආසන්න සීමාවේ බලය සිරියානු රජයේ හමුදා සහ ඉරානයේ සහාය ලබන සටන්කාමීන් සතු වේ.
නිරිත දිග සිරියාවේ සටන් විරාම ප්‍රකාශයට පත් කර තිබෙන ප්‍රදේශවල සිරියානු රජයේ හමුදා එම සටන් විරාම එකඟතා කඩ කරමින් කටයුතු කරන්නේ යැයි ඇමෙරිකා එක්සත් ජනපදය ඉකුත් දා චෝදනා කළේය. එසේම දිගින් දිගටම එසේ කළහොත් දැඩි ප්‍රතිචාර දක්වන බවට ද ඇමෙරිකා එක්සත් ජනපදය බෂාර් අල් අසාද් ප්‍රමුඛ සිරියානු ආණ්ඩුවට අනතුරු ද ඇඟවීය.
“සිරියානු රජයේ හමුදා නොවන සියලු ආයුද සන්නද්ධ පිරිස් මෙම ප්‍රදේශවලින් ඉවත් විය යුතුයි. එය අන්‍යෝන්‍ය අවබෝධය මත සිදුවිය යුත්තක්” මොස්කව් නුවර පැවැති මාධ්‍ය හමුවක් අමතමින් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පැවැසීය.
“මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවිය යුතුයි. ඊශ්‍රායලය සමඟ තිබෙන සිරියානු දේශසීමාවේ සිටිය යුත්තේ සිරියානු අරාබි ජනරජයේ හමුදා පමණයි” යැයි ද හෙතෙම කීය.
සිරියාවේ දකුණු දේශසීමාවේ ඇති වී තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව සමඟ සාකච්ඡා කරන බව ජෝර්දානය ද අද නිවේදනය කළේය. මෙම සටන් විරාම ප්‍රකාශයට පත් කරන ලද්දේ පසුගිය වසරේදීය.
මෙම සටන් විරාම හේතුවෙන් ජෝර්දානයට සහ ඊශ්‍රායලයට මායිම් වන මෙම ප්‍රදේශවල ගැටුම් සැළකිය යුතු ලෙස පහළ ගියේය.
ඊශ්‍රායලය ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන අතර ඔවුහු ඉරානයට චෝදනා කරති. අටවැනි වසර ගෙවෙමින් තිබෙන සිරියානු සිවිල් යුද්ධය තවත් ව්‍යාප්ත කරන බවට ඊශ්‍රායලය ඉරානයට චෝදනා කරයි.
සිරියාවේ සිටින සියලු ඉරාන හමුදා එරටින් ඉවත් විය යුතු යැයි ද ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අද ප්‍රකාශ කළේය.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරියාවේ සිටින සියලු ඉරාන හමුදා එරටින් ඉවත් විය යුතුය. ඉරානය යනු මුළු මැදපෙරදිගම අවුල්කරන ත්‍රස්තවාදයට උදව්කරනා ප්‍රජාතන්ත්‍ර වාදයක් නැති රටකි.
කුමාර් ඉරානය විතරක් නොවේ මුලු මැදපෙරදිගම බිහිසුනුයි. කොයි වෙලාවේ අැවිලෙයිද දන්නෑ. ලෝකය ගත්තම මිනිසුන්ගේ හැසිරීම සැකසෙන්නේ ඔහු ජීවත්වෙන පරිසරය අනූව. පරිසර කර්කසයිනම් මිනිසත් කර්කසයි. අද විතරක් නොවෙයි බුදුන් දවසත් එහෙමයි. පුන්න තෙරුන් එකල සුනාපරන්තය, යෝනක දේශය නමින් හැඳිනවු වර්ථමාන සෞදිය තුළ ධර්ම ප්‍රචාරය සඳහා වැඩම කරන විට බුදු රදුන් වදාරා තියනවා යෝනක දේශයේ මිනිසුන් හරිම චන්ඩයි, දරුණුයි, ඉවසීමෙන් තොරයි යනුවෙන්. අැත්තටම බුදු දහම හෝ වෙනත් අාගමක් පවතින්න එහි පාරිසරයක් නෑ. චන්ඩ මිනිසුන් පාලනයට චන්ඩ පාලනයක් පවතින්නේ එ්කයි.