ජලාලාබාද්හිදීය (රොයිටර්)


ඇෆ්ගන් ආරක්ෂක අංශ එරට නැගෙනහිර පළාතක් වන නන්ගර්හාර් හී කරන ලද මෙහෙයුමක් අතරවාරයේ දී සිවිල් වැසියන් නවදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව එරට බලධාරීහු අද (29) ප්‍රකාශ කළහ.
 
මේ වනවිට ඇෆ්ගනිස්තානයේ සෑම තැනකම පාහේ ගැටුම් ඇති වී තිබෙන අතර තලේබාන් සංවිධානය එල්ල කරන ප්‍රහාර ද වැඩි වී තිබේ. 
 
තලේබාන් සංවිධානය විශේෂයෙන්ම රාමදාන් සමයේ දී ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබේ. මේ තත්ත්වය මත ඇෆ්ගනිස්තාන සිවිල් වැසියන් දෛනිකව මුහුණ දෙන අවදානම් සහගත තත්ත්වය සැළකිය යුතු ලෙස වැඩි වී තිබේ. 
 
මෙහෙයුම අතරවාරයේදී අටදෙනකු තුවාල ලබා තිබෙන අතර මියගිය සංඛ්‍යාව 12ක් බවත් තුවාල ලැබූ සංඛ්‍යාව 28ක් බවත් ප්‍රාදේශීය වාර්තාවක දක්විණි.
 
එක්සත් ජාතීන්ගේ ඇෆ්ගනිස්තාන දූත මණ්ඩලයට අනුව ගැටුම් හේතුවෙන් මේ වසරේ මුල් මාස 3ක කාලයේ දී සිවිල් වැසියන් 763 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර 1,495 දෙනකු තුවාල ලබා තිබේ. 
 
055