මල්ලාහ්හිදීය (රොයිටර්)
පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් රෝහල් ගත කර ඇතැයි එරට බලධාරියෙක් අද (20) අනාවරණය කළේය.
පසුගිය සතියේදී කරන ලද ශල්‍යකර්මයකට පසු ඇති වූ සුළු සංකූලතාවක් හේතුවෙන් පලස්තීන ජනාධිපතිවරයා මෙලෙස රෝහල් ගත කර ඇතැයි එම බලධාරියා පැවැසීය. ජනාධිපති මහමූද් අබ්බාස් රෝහල් ගත කර ඇත්තේ බටහිර ඉවුරේදීය.
සතියක කාලයක් ඇතුළත පලස්තීන ජනාධිපතිවරයා රෝහල් ගත කළ තෙවැනි අවස්ථාව මෙය බව ද පැවසේ. අසූ දෙවැනි වියේ පසුවන පලස්තීන ජනාධිපතිවරයාට පසුගිය සතියේදී ශල්‍යකර්මයක් සිදු කර තිබෙන අතර ඉන්පසු මෙම අවස්ථාවද ඇතුළුව තෙවරක් රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd