සෝල්හිදීය (රොයිටර්)
තම වාර්තාකරුවන්ට උතුරු කොරියාවට ගමන් කිරීමට අවසර ලැබුණු බව දකුණු කොරියාව අද (23) නිවේදනය කළේය.
න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ පරීක්ෂණ කරන වැඩ බිම් වසා දැමීම වාර්තා කිරීම සඳහා තම රටට පැමිණෙන්නැයි උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් මැයි මස ආරම්භයේදී ජාත්‍යන්තරයට විවෘත ආරාධනයක් කළේය.
එහෙත් පසුගියදා දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ අන්තර් කොරියා සාකච්ඡා අවලංගු වීමත් සමඟ දකුණු කොරියානු මාධ්‍යවේදීන්ට එරටට පැමිණීමට ඉඩ නොදෙන බව උතුරු කොරියාව නිවේදනය කළේය.
කෙසේ නමුත් නැවතත් දකුණු කොරියානු මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවසර දීමට උතුරු කොරියාව කටයුතු කළේය.
උතුරු කොරියාවට යැවූ වාර්තාකරුවන්ගේ ලැයිස්තුව අනුමත කළ බව එම අවසරය නිවේදනය කරමින් දකුණු කොරියාවේ උතුරු කොරියාව සමඟ සබඳතා සම්බන්ධයෙන් කටයුතු කරන ‘ඒකබද්ධතා’ අමාත්‍යාංශය සඳහන් කළේය.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd