යාපනයට තිබෙන එකම විමුක්තිය ඉගෙනීමයි - ආණ්ඩුකාරයා කියයි භෞතික විද්‍යාව විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලැබූ යාපනය හාර්ට්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් දුවාකරන්ට් සිසුවාට සුබ පැතීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පේදුරුතුඩුවේ පිහිටි ඔහුගේ නිවසට අද(29) උදෑසන පැමිණියේය. 29 December 2017
මහනුවර ගණිකා නිවාසයක් වටලා 5ක් අත්අඩංගුවට ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මහනුවර දූෂණ මර්දන ඒකකය මගින් අද(28) වටලා එහි කළමනාකාරිණිය සහ කාන්තාවන් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි. 29 December 2017
මැතිවරණ පෝස්ටර් - කටවුට් ඉවත් කරන්න පොලිසියට කම්කරුවෝ පළාත් පාලන මැතිවරණයේ පෝස්ටර් කටවුට් ඉවත්කිරීමට සෑම පොලිසියකටම කම්කරුවන් දෙදෙනෙකු ලබාදීමට කටයුතු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 29 December 2017
ඇත්දළ යුගලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට අනුරාධපුර තන්තිරිමලේ ප්රන දේශයේ සිදු කළ විශේෂ වැටලීමක දී ඇත් දළ ජෝඩුවක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාස බාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ සෘජු මෙහෙයුම මත ක්රිගයාත්මක වු පොලිස් කණ්ඩායමක් සමත්විය. 29 December 2017
අපනයන භාණ්ඩ සඳහා ඇමරිකා බදු සහනය 31න් අවසන් ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ජීඑස්පී ප්ලස් සහන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයකට හිමිව ඇති බදු සහනය මේ වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීමට නියමිතය. 29 December 2017
සෞඛ්‍ය නිල ඇඳුම් දෙකක් වෙනස් කරන්න යෝජනා ඉල්ලයි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමුව ඇතැයි එම අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 29 December 2017
’මාගේ කඩුවෙන් කවුරු කැපේදැයි කියන්න බෑ’ ‘කිලිටි නැති තරම් පවිත්‍ර අවංක දේශපාලන නායිකයින් හැදීම මගේ එකම අරමුණයි. පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ දී මගේ කඩුවට කාගේ බෙල්ල කැපේවී දැයි දන්නේ නැතැයි’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28) පැවසීය. 29 December 2017
බූරු ගැසූ 28ක් කොටුවෙති සිරිගම්පල හා උල්හිටියාව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදි හොර රහසේ පවත්වාගෙන ගිය මුදලට බූරු ගැසිමේ ස්ථාන 3ක් වටලා රුපියල් ලක්ෂයක පමණ මුදල් සමග සැකපිට 29 දෙනෙක් අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 29 December 2017
අලි ඇතුන් සඳහා නව නීති පද්ධතියක් අලි ඇතුන්ගෙන් හා වන සතුන්ගෙන් මිනිසුන්ට සිදුවන හානි සඳහා ගෙවන වන්දි මුදල් වැඩි කිරීමටත් විදුලි වැට ක්‍රියාත්මක කිරීම සඳහා යොදවා ඇති සිවිල් ආරක්ෂක භටයන් ඉවත් කිරීමටත් අලි ඇතුන් පැටව් හැත්තෑවක් වෙහෙර විහාරස්ථාන වලට ලබා දීමටත් සංචාරක සිත් සේ යොදවා ඇති අලි ඇතුන් සඳහා නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමටත් රජයේ අවධානය යොමුවී තිබේ. 29 December 2017
සුඩකුඩා දාගැබ සමතලා කළ ඩෝසර්කරුට බරපතලයි සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයේ පුරාවිද්‍යා ගවේශණයක දී සොයාගත් දාගැබ ඩොසර් කිරීමට යොදාගත් ඩොසරය හා එම ඩෝසරය පටවාගෙන ගිය ලොරිය සොයා ගැනීමට පොලීසිය ඊයේ සමත් විය. 29 December 2017
ඇමති රංගේ බංඩාරගෙන් පොලිසියට පැමිණිල්ලක් විල්පත්තුව ජාතික වනඋද්‍යානයට අයත් භූමයෙහී ඇති ගහකොළ විනාශ කරමින් ගම්මානයක් ඉදිකිරීමට කටයුතු කළ බවට චෝදනාවට ලක්වී සිටින අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතා අද (28) වනාතවිල්ලුව පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් කර ඇත. 28 December 2017
මඩු රක්ෂිතය තුල නීති විරෝධී අන්නාසි වගාවක් මන්නාරම මඩු රක්ෂිතය තුල නීති විරෝධී ලෙස වනය විනාශ කරමින් අක්කර 40 කට ආසන්න ප්‍රමාණයක වසර ගණනාවක සිට අන්නාසි වගාවක් අරම්භ කර ඇති බව පරිසර වේදීන් චෝදනා කරති . 28 December 2017
උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමට ජපන් සහය උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා එක්සත් ජනපද ඩොලර් 604,731 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 90ක මුදලක්) ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය තීරණය කර ඇත. 28 December 2017
උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවයි 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ජනවාරි මස 15වැනිදා තෙක් අයදුම්පත් බාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 28 December 2017
ලග්ගල රක්ෂිතයක කුඹුක් ජාවාරමක් ලග්ගල මඩු මාන ගල්ගේ දේවාල රක්ෂිතයේ මහා පරිමාණ කුඹුක් දැව ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු පවසති. 28 December 2017
ඌව විපක්ෂ නායකට විශ්වාසභංගයක් ඌව පළාත් සභාවේ විපක්ෂ නායක රා.මු.රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 12 දෙනකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාවක් අද(28) ඌව පළාත් සභාවට ඉදිරිපත් කෙරිණි. 28 December 2017
මැතිවරණ පැමිණිලි 42ක් පළාත් පාලන මැතිවරණ ප්‍රකාශයට පත් කළ පසුගිය 9 වැනිදා සිට අද(28) පෙරවරු 6 දක්වා මැතිවරණයට අදාල පැමිණිලි 42 ක් ලැබී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 28 December 2017
හෙරොයින් රැගෙනයමින් සිටි මව සහ පුතා අත්අඩංගුවට ගාල්ල පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් වැලිවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී නීති විරෝධීව ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 37 මිලිග්‍රෑම්815ක් සමග කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. 28 December 2017
විමල්ගේ පක්ෂයේ නිමල් ජනපති සහායට ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ දේශපාලන මණ්ඩල සභික නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ නිමල් ප්‍රේමවංශ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් අද(28) ජනපති හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 28 December 2017
උඩුදුම්බර හිටපු ප්‍රා සභාපති ඇතුළු 4ක් අත්අඩංගුවට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත උල්ලංඝනය කරමින් උඩුදුම්බර මහනුවර ප්‍රධාන මාර්ගයේ පෝස්ටර් අලවමින් සිටි උඩුදුම්බර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ඇතුළු සිව්දෙනෙක් පෝස්ටර් 83 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 28 December 2017
සනීපාරක්ෂක බිම් පිරවුම් හතරක් මහා පරිමාණ සනීපාරක්ෂක බිම් පිරවුම් හතරක් උතුර, දකුණ හා උතුරු මැද පළාත්වල ඉදිකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත. 28 December 2017
ත්‍රී රෝද රථ සොරාට එසැණින් කර්මය පළදෙයි දුම්මලකොටුව ප්‍රදේශයේ තිබු සංගීත සංදර්ශනයක් නැරඹිමට ආ අයකුගේ රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා ත%sරෝද රථයක් සොරාගෙන යමින් සිටි අයකු දන්කොටුව කටානවත්ත මාර්ගයේදි ත්‍රී රෝද රිය පෙරළි ගොස් තුවාල ලබා සිටියදි සැකපිට අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි. 28 December 2017
මව වෙනත් රැස්වීමකට ගියැයි ඡන්ද අපේක්ෂක පුතුගෙන් මරණ තර්ජන එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා කඩුවෙල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැඩිගමුව කොට්ඨසයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයා සිය මවට හා මාමාට මරණ තර්ජනය කර ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 28 December 2017
ගායිකා ජින්ජර් රිය අනතුරකට ලක්වෙයි දෙනියාය සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිටි ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය දියදාව දිග බෝක්කුව අසල අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළීම හේතුවෙන් ජින්ජර් ඇතුළු එහි ගමන්ගත් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 28 December 2017
හෙරොයින් රැගෙන ආ ඉන්දීය ජාතිකයා කටුනායකදී කොටුවෙයි නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ හෙරොයින් තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 28 December 2017
නීතිය හා සාමය රාජ්‍ය ඇමැති ධූරය පියසේන ගමගේට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ මහතා පත් කරනු ලැබ ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 28 December 2017
නිමල් ලංසා ඒකාබද්ධ විපක්ෂයට හිටපු නියෝජ්‍ය ඇමැති නිමල් ලංසා මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වන බව අද(28) පෙරවරුවේ මීගමුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. 28 December 2017
205 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි 2017 උසස්පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 205 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටවීමට සිදුවූ බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත මහතා පැවසීය. විභාග අක්‍රමිකතා සහ විවිධ වැරදි නිසා ප්‍රතිඵල අත්හිටවීමට සිදුවූ බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය 28 December 2017
පොදු විෂයධාරා පළමු ස්ථානය හිරුණිට වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව පොදු විෂයධාරා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ හිරුණි ශාක්‍යා අබේතුංග ශිෂ්‍යාව විසින් දිනාගන්නා ලදි. 28 December 2017
ජෛව තාක්ෂණවේදය පළමු ස්ථානය ලක්ෂිතට වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජෛව තාක්ෂණවේදය අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය රත්නපුර සීවලී මහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග මැදලගම විසින් දිනාගන්නා ලදි. 28 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026