(අජන්ත කුමාර අගලකඩ)
ලබන 16 වැනිදා දක්වා කල් දමා ඇති පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 16 වැනිදාට පෙර කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
අයවැය ලේඛනය මේ වනවිට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමේ කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ වනවිට සකස් කෙරෙමින් පවතින අතර එය අවසන් වූ වහාම පාර්ලිමේන්තුව කැඳවනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතුළු ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් අද (01) ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී පාර්ලිමේන්තුව සැසිවාරය කලින් කැඳවීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත.
පාර්ලිමේන්තුව ලබන 16 වැනිදාට පෙර කැඳවීමට තමා අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා ද එහිදී පක්ෂ නායකයින්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ
දිනේෂ් ගුණවර්ධන,නිමල් සිරිපාල ද සිල්වා , විමල් වීරවංශ,මහාචාර්ය ජී.එල් පීරිස්, වාසුදේව නානායක්කාර,ඩලස් අලහල්පෙරුම,උදය ගම්මන්පිල,චන්ද්‍රසිරි ගජධීර, බැසිල් රජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ටික ටික මොළේ පෑදීගෙන එනවා වගෙයි, මේ කට්ටියගේ ! පාර්ලිමේන්තුව කැඳවීමේ දිනය ලංකරගෙන, දල්වපු ගින්න නිවා දැමීමට උත්සාහ කිරීමත් එක අතකින් බලාගෙන යනකොට කරපු මෝඩකම්වල යථාර්තය පමාවී හෝ තේරුම් ගිය එක නරක නැහැ.