(තිළිණි ද සිල්වා)
නීතිවිරෝධී රජයක් යටතේ නීතිවිරෝධී පත්වීම් ලැබූ පිරිසක් මේ වන විට රටේ නීත්‍යානුකූල අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිය නිල නිවසින් ඉවත් කිරීමට විවිධ උත්සාහයන් දරන බවත් ජනබලයක් නැති මෙම කුමන්ත‍්‍රණකාරී රජය පාර්ලිමේන්තුව තුළඳී පරාජයට පත්වීමට නියමිත යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගල රත්නායක මහතා අද (01) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය පමණක් නොව සියලුම පක්ෂ පුළුල් එකඟත්වයකට පැමිණ සිටින බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා සිය නිවේදනයෙන් පෙන්වා දේ.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
නීතිවිරෝධී රජයක් යටතේ නීති විරෝධී පත් වීම් ලැබූ පිරිසක් විසින් මේ වන විට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නිල කාර්ය මණ්ඩලය ඉවත් කර ඇති අතර අරලියගහ මන්දිරයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට විවිධ උත්සාහයන් දරමින් සිටී.
කුමන්ත‍්‍රණකාරී සහ නීතිවිරෝධී රජයකින් දෙන සියල පත්වීම් නීති විරෝධී බවත්, එකී නීති විරෝධී පත්වීම් ලබන්නන් ක‍්‍රියාත්මක කරන නියෝගවලට නීතිමය වලංගුතාවක් නොමැත.
එලෙස නීති විරෝධී නියෝග ලබා දී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කාර්යන්ට සහ කර්ත්ව්‍යන්ට බාධා කරන පුද්ගලයන්ට එරෙහිව මේ අර්බුදය අවසන් වූ වහාම නීතිය ක‍්‍රියාත්මක කරන අතර රාජ්‍ය නිලධාරියෙකු රටේ නීතියටත්, ව්‍යවස්ථාවටත් ගරු කළ යුතු අතර හිතාමතාම එම නීතිමය රාමුව උල්ලංඝනය කිරීම දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බව ද ඔහු එම නිවේදනයේ දක්වා තිබේ.
තවත් නොබෝ දිනකින්ම මෙම නීති විරෝධී ජාත්‍යන්තර පිළිගැනීමක් හෝ ජනබලයක් නැති, කුමන්ත‍්‍රණකාරීන් රටේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළදී පරාජයට පත්වීමට නියමිත බව ද පවසන සාගල රත්නායක මහතා ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය පමණක් නොව රටේ සියලූම දේශපාලන පක්ෂ මේ වනවිට පුළුල් එකඟත්වයකට පැමිණ සිටින බව ද අවධාරණය කර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මෙයා මේ කියලා තියෙන්නේ 2015දි මොවුන් කුමන්ත්‍රණකාරීව පිහිටුවපු යහපාලන රජය ගැන වෙන්න ඕන.
නීතිවිරෝධී රජයක් යටතේ නීතිවිරෝධී පත්වීම් ලැබූ පිරිසක් මේ වන විට රටේ නීත්‍යානුකූල අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිය නිල නිවසින් ඉවත් කිරීමට විවිධ උත්සාහයන් දරන බවත් ජනබලයක් නැති මෙම කුමන්ත‍්‍රණකාරී රජය පිළිබද ජාත්‍යන්තර මදධ්ය මගින් විසාල ප්‍රචාරයක් දී තිබුණි. නමුන් ඇමෙරිකානු පුරවැසියන් මෙම කුමට්රනය පිටුපස සිටින වැඩ නැද්ද යන පිලිබදව සොයාබැලීමට ලංකාවේ නව ඇමෙරිකානු තානාපති වරිය කටයුතුකළ යුතුය . රුපියල් සත වලට තම පක්ෂය සහ ප්රජාත්රන්ත්රය පවා නොදී තම නායකයා සමග ප්‍රතිපත්තිගරුකව සිටීම ගැන ඔබ සියලු දෙනාටම ප්‍රණාමය
හොඳයි ඉතින් අපි තර්කයක් අවශ්‍ය නිසා මහින්ද පැරදෙනවා කියල කියමුකෝ. එතකොට 8 වෙනිදා ඉඳලත් අර පරණ " ගජ මිතුරු සමනල සන්ධානය" මද ක‍්‍රියාත්මක වෙන්නේ? එහෙම වුණොත් හොඳට තියෙයි.
මන්ත්‍රීතුමා අවදිවෙන්න දැන් හොඳටම එළිවෙලා
පාර්ලිමේතුවේදී පැරදුනත් ජනතා හදවත් දිනාවි.
එතකොට 2015 ජනවාරියේදී පත් කර ගත්තේ මොන වගේ ආණ්ඩුවක්ද.......
කොහොමද රජය පරාජය කරන්නේ කියලා කියන්නකෝ. එක්කෝ විස්වාශභංග යෝජනාවක් ගෙන එන්න ඕනේ නැතිනම් ගෙන එන පනතක් ඡන්දෙන් පරාජය කරන්න ඕනේ.