(රංජන් කස්තුරි ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට)
ශ්‍රී ලංකාවේ ඕනෑම ආණ්ඩුවක් සමඟ සහයෝගයෙන් සහ මිත්‍රශීලිව කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් යැයි ඉන්දියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් නවදිල්ලි නුවරදී අද (1) ප්‍රකාශ කළහ.
කුමන් තත්ත්වයක් යටතේ ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් නොවන අතර එය ඕනෑම ආණ්ඩුවකට එකසේ ක්‍රියත්මක වන බවද ඔවුහු පැවැසූහ.
මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වන ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් පිරිසක් සමඟ අද (1) පස්වරුවේ නවදිල්ලි නුවරදී පැවැති විශේෂ හමුවකදී එම නිලධාරීහු එම කරුණු සඳහන් කළහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතින අතර ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියානු රජය හැමවිටම සූදානම් බව ද ඔවුහු කීහ.
ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක් වන අතර හැමවිටම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනු ඇතැයි ඉන්දියාවේ විශ්වාසය බව ද එම නිලධාරීහු පැවැසූහ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන නායකයන් ඉකුත් කාලයේ අවස්ථා ගණනවාකදීම ඉන්දියාවේ සංචාරය කර ඇති අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කිහිපවිටකදීම ශ්‍රී ලංකාවට ගොස් තිබෙන අතර එමගින් දෙරට අතර තිබෙන සබඳතාව පැහැදිලි වන බව ද ඔවුහු කීහ.
එම සාකච්ඡාවේදී ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස සඳහන් කළේ ‘එට්කා’ ගිවිසුම, මත්තල ගුවන් තොටුපොළ, පලාලි ගුවන් හමුදා කඳවුර වැනි ආයෝජන ව්‍යාපෘති පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුවේ එකඟතා මත ඉදිරියේදී කටයුතු සිදුවනු ඇති බවය.
ආසියානු කලාපයේ මිත්‍ර රටවල් අතරින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට වැඩි සහායක් ලබාදීමට ඉන්දියාව හැම විටම කටයුතු කරන බව ද එම නිලධාරිහු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙම එන්න.
උපාලි ඒ ගොල්ලෝ දෙන පණිවිඩය කව්රු ආවත් අපේ වැඩේ අපි කරගන්නවා කියලා. අර කෙනෙක් කියලා තිබුනේ කව්රු බලයට ආවත් මම ඇමති කියලා... ඒවගේ තමයි. බලමු මේගොල්ලෝ වරායේ කොටසක් ඉන්දියාවට දේවිද කියලා... කොටින්ම රටේ සම්පත් ඉන්දියාවට විකුණාවිද කියලා...