(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ හෙලවුණ දත් ටික වැටී අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
පාර්ලිමේන්තුව නැවත කැඳවු සැණින් ජනතාවට අවශ්‍ය ප්රජාතන්ත්රවාදය ස්ථාපිථතකරන බව කී මන්ත්‍රීවරයා සැබෑ ප්රජාතන්ත්රවාදයේ ආරම්භ දිනය පාර්ලිමේන්තුව කැඳවන දිනය බවට පත් කරගන්නා බවද මන්ත්‍රීවරයා කීවේය.
අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද ? අද තමා නම ඇහුවේ
නියම කතාව ‘එජාපයේ හෙලවුණ දත් වැටී අවසන්‘
හක්කෙ දත් ටික ඉතුරුවෙලා තියෙනව..නමුත් ලොමිබ පේන්න තියෙනවනෙ.....චීන බොරුදත් සැටි එකක් ගන්නත් බැහැනෙ....දෙන්නෙ නැති නිසා........
දැන් අරලිය ගහ මන්දිරයේ රැඳිලා ඉන්න සමහරක් කට්ටිය අත්තිකාරම් අරගෙනද කවුද දන්නේ..? ඡන්දෙ දවසක අත උස්සන වෙලාවට තමා කාටකාටත් උණ සන්නිපාතය හැදෙන්නේ... දැනට එජාපයට ඉන්නේ මන්ත්‍රීවරු 100.. සම්බන්ධන්ගේ මන්ත්‍රී ආනන්දන් කිසිවෙකුටත් තම ඡන්දය දෙන්නේ නැතිලු. පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු එම කණ්ඩායමේ තීරණය ගන්නා බවයි කියන්නේ. ඔවුන්ගේ ඉල්ලීම් ලිඛිතව දෙන කෙනෙකුට උදව් කිරීමටද කැමති බවයි කියන්නේ. "උතුර, නැගෙනහිර එකමුතුකර පෙඩරල් ආණ්ඩු ක්‍රමයක් දෙන්න" කියලා ඒ ලියුම් කඩදාසියේ ලියලා තියෙනවද කවුද දන්නේ? අද ඉන්න තත්වයේ හැටියට එහෙම දේකට වුනත් රනිල් කෙසේ වෙතත් මහින්ද නම් අත්සන් කරාවි. වැඩේ වෙන්නේ හෝ නොවෙන්නේ පස්සෙනේ. එතන ඉන්න අයගේ ගෙවල් වලටත් බැසිල් මහත්තයා මේ දවස් දෙක තුනේ දුවනවද කවුද දන්නේ? දුමින්ද සමඟ තව10 දෙනෙක් ස්වාධීන වෙනවලු. නමුත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ නිදහස් සංධානය අතහැර නොයන බවත් කියනවා. ඉතින් ඒ අය රනිල්ට කැමැත්ත ප්‍රකාශ කරාවි කියා සහතිකයක් නැහැ. මහින්දට දැන් 101දෙනෙක් ඉන්නවා. තව අවශ්‍ය 12 යි. කෙසේ හෝ රට භයානක ඒකාධිපති වාදයකට තල්ලු වෙන බවයි පෙනෙන්නේ. එහි මූලික ලක්ෂණ දැනටමත් පෙනෙන්ට තියෙනවා නේද...?
හිඟන්නෝ ටික ආයිත් ගෙන්න ගන්න නම් එපා....
එජාපෙ අතීතය නොදන්නා බබාලාට ඕව කියන්න මන්ත්‍රී තුමා... එජාපෙ ප්රජාතන්ත්රවාදය අපි හොඳට දන්නවා. 77 ඉඳලා කරපු හැටි අපි දන්නවනේ...
මෙයත් පනින්න වගේ....
කට...කට..පරිස්සමින් ..යු.එන්.පි. සෙටි එක ෂුවර් නැහැ එයාලා යන්නෙ ඔය මහා සමනළයා නිසායි.එකට පිලියමක් යොදාගන්න .පුජාතන්තුුවාදය කන් දෙකෙන් බෙිරෙනවා ඔයාලගෙ අපිට ඔය මගුල් ඔනා නැහැ ජීවන වියදම අඩු කරලා සිංහලයන්ට සිංහයො වගේ ඉන්න ඉඩ දීපල්ලා අපට එපා සමනල ළන්තයක්.
දත් ඔක්කොම වැටිලා දැන් ලොම්ම්බ විතරයි ඉතුරු