(අංජුල මහික වීරරත්න)
පාලකයා විසින් ප්රජාතන්ත්රවාදය මිනී පෙට්ටියට දමා ඇතැත් අන්තිම ඇණය ගසන්නට ඉඩ නොදෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අද (01) පැවැසීය.
මෛත්‍රී පිලේ ප්රජානත්ත්රවාදය අගයන පිරිසක්ද එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතුවන බවට ඉඟි කර තිබෙන බව කී සරත් ෆොන්සේකා මහතා අතීතයේ බිහිසුණු රට නැවත උරුම නොකිරීම සියලුම බලවේග වල ඒකායන අරමුණ බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අායිස් අම්මා ගුණ්ඩු... හා බලමු බලමු අපිට ඔයාලා කියන ප්රජාතන්ත්රවාදය නම් අවශ්‍ය නැහැ.. එ්ක එදත් අදත් තිබෙනවා. සිංහලයින්ගේ රට විනාශ කරන්නෙ නැති කවුරු හරි ඉන්නවා නම් එච්චරයි. එල්.ටී.ටී එකයි ජෙ.වී.පී එකයි තමා ඔය කියන ප්රජාතන්ත්රවාදය නියමෙටම කඩ කෙරුව කස්ටිය.. ඔබතුමන්ගේ කෙරුවාවත් නම් රටට විනයක් බව දැන් නම් ජනතාවට පසක් වී හමාරයි.
මෙතුමාගේ පක්ෂය ජනඅප්‍රිය වීමට ප්‍රධාන හේතුන්: රටේ මූලික වරාය, තෙල් ටැංකි සහ ගුවන් තොටුපළවල් සතුරු රටවලට පවරාදීමට තැත් කිරීම. රටින් පැනසිටින මහේන්ද්‍රන් නැමැත්තාව ආරක්ෂා කිරීම. අප රටේ උසස් රැකියා පිටරැටියන්ට පවරා දීමට තැත් කිරීම. රොකට්ටුව වගේ ඉහළ නගින ජීවන වියදම පාලනය නොකිරීම. විදේශ රටවල අණට යටත් වී ක්‍රියා කිරීම. යුද්ධය දිනු විරුවන් ආරක්ෂා නොකිරීම. ආර්ථිකය කඩා කප්පල් කිරීම.
චිත්‍රපටිවල වගේ අන්තිම තත්පරේ එනකල් ඉන්නේ ඇයි ඉතිං...
රනිල් හොඳද නරකද නෙමෙයි මේ ප්රජාතන්ත්ර විරෝධි වැඩේ කොහොම හරි නැවැත්විය යුතුයි. ඊට පස්සේ රනිල් ගැන බලමු.
ඇයි රටේ ජනාධිපති තමුන් කියලද හිතන් ඉන්නේ..?
අරගොල්ලන් කීවා වගේ සැල්වේෂන් ආමි එකට තමයි හොඳ..
අන්තිම ඇණේ ඔබම තියාගන්න.
1. ප්රජාතන්ත්රවාදය කියන්නේ ඡන්දෙන් පැරදුණාම පස්ස දොරෙන් පාර්ලිමේන්තු පැමිණීමත් නොවෙයි. ඒ නිසා ඔබත් ප්රජාතන්ත්රවාදය මිනී පෙට්ටියකට දාපු කෙනෙක්. 2. අතීතයේ බිහිසුණු රට කියන්නේ කොටින්ගේ බැට කාපු කාලය ගැනද නැත්නම් 87 - 89 භීෂණ කාලයද... ඔබ ඉතා හොඳින් දන්නා පරිදි ඒ දෙකම මහින්දගේ සාක්කුවට දාන්න බැහැ.
ඇණ ගන්න විදිහට කොහෙද ඔච්චර ඇණ ?
මෛත්‍රිව ඇතුලට... අන්තිම ඇනේ ගහන්න කොන්දට. ලබන ආත්මේ කොන්ද කෙලින්වෙයි. මහින්දගේ වරදක් නැහැ. බලයට කෑදරයිනේ කොහොමත්..