සුජිත් හේවාජුලිගේ
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරනු ලැබීමත් සමඟ පාර්ලිමේන්තු කමිටු 12 ක් අහෝසි වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
රාජ්‍ය ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, මහජන පෙත්සම් කාරක සභාව, ගෘහ කාරක සභාව, අමාත්‍යංශීය උපදේශක කාරක සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාව,වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා 12 ක කටයුතු මෙසේ අහෝසි වන බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කෙරුණද අංශික අධීක්ෂණ කමිටු, උසස් නිලතල පිළබඳ කාරක සභාව හා තේරීම් කාරක සභාවන්ට තවදුරටත් ක්‍රියාත්මක වීමට අලුත් ස්ථාවර නියෝග ප්‍රතිපාදනයන් පවතින බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරයාව අහෝසි වෙන්නේ නැද්ද?