නාලක සංජීව දහනායක
පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව නව රජයේ වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (1) පැවසීය.
තමන් අගමැති තනතුරට පත්වීම සම්බන්ධයෙන් නොයෙක් දෙනා නොයෙක් ප‍්‍රකාශ නිකුත් කරන බැවින් රටට හා ජාත්‍යන්තරයට ද කතා කිරීමට දැන් කාලය උදාවී තිබෙන බවද අග‍්‍රාමාත්‍යවරයා කීය.
මුදල් අමාත්‍යංශයේ රාජකාරී ආරම්භ කරල මම ප‍්‍රකාශයක් කළා. නොයෙක් දෙනා නොයොක් ප‍්‍රකාශ කරනවා. රාජ්‍ය නොවන සංවිධාන වලින් වැටුප් ලබන පිරිස් විවිධ ප‍්‍රකාශ කරනවා.
ඒනිසා අපේ රටට විතරක් නෙවෙයි ජාත්‍යන්තරයටත් කතා කරන්න දැන් වෙලාව ඇවිල්ලා තිබෙනවා. පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව රජයේ වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ ප‍්‍රකාශයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.
කොළඹ, මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ දී ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය සමඟ අද (1) පැවැති සාකච්ඡාවේදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනත් සම්මත කරගන්න චන්ද ගන්න වෙනකල් බලාගෙන හිටියොත් ගෙම්බෝ ටික පැනල ඉවරවෙයි. සඳුදා වෙනකොටත් කීයක් පනීද කියන්න බැහැ. කොහොම උනත් ඔන්න කාට හරි බහුතරය පෙන්වන්න පුලුවන්නම් හොඳම අවස්තාවක් උදාවෙන්නයි යන්නේ. මේ කතාව පටන් ගන්නකොටම නැඟිටලා එලියට ගියානම් වැඩේ හරි. අපි බලමු එහෙම වෙයිද කියල. හැබැයි ගුටු කෙලි සංදර්ශනය පටන් ගන්න කලින්. හරිද?
දැන් ඔක්කොම හරි. අන්ධකාරය දුරුවෙලා රටට ඉර පායලා තියනවා. මුහුණ දැක්කත් ඇති මගේ දෙය්යෝ!