(හර්ෂණ තුෂාර සිල්වා)
දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ක්‍රියාකාරී සැලැස්මක් ඇති කරගන්නැයි තමන් ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව විශේෂයෙන්ම ආර්.සම්පන්දන් වැනි ගෞරවනීය ජ්‍යෙෂ්ඨ නායකයන්ගෙන් ඉල්ලා සිටින බව ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුබ්රනියම් ස්වාමි මහතා සඳහන් කරයි.
දෙපාර්ශ්වය වෙනුවෙන් මැදිහත් කිරීමට අවශ්‍ය නම් තමන් ඒ වෙනුවෙන් සහයෝගය දීමට සූදානම් බවද ඔහු කියයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා එම කරුණු සඳහන් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව ඔහුට සුබ පැතුම් කළ පළමු ඉන්දීය දේශපාලනඥයා වන්නේ ද භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාය.
ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.
“දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ක්‍රියාකාරී සැලැස්මක් ඇති කරගන්නැයි තමන් ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව විශේෂයෙන්ම ආර්.සම්පන්දන් වැනි ගෞරවනීය ජ්‍යෙෂ්ඨ නායකයන්ට අවධාරණය කරනවා. හිතවත් බේරුම් කිරීම් කිරීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් මම මගේ උපරිම සහයෝගය දෙනවා”.
මේ අතර ශ්‍රී ලංකාවේ ඕනෑම ආණ්ඩුවක් සමඟ සහයෝගයෙන් සහ මිත්‍රශීලිව කටයුතු කිරීමට සූදානම් යැයි ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එරට සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් පිරිසක් හමුවෙමින් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමල ජනතාවට පමණක් තිබෙන සිංහල අපට නැති ප්රශ්නය කුමක්ද? නිකන් බොරුවට ප්‍රශ්න දමන්නේ නැතුව ඉන්න.
මේක ඉතින් අලුත් දෙයක් නෙමෙයිනේ.
56 ඉඳන් ඇදෙන ප්‍රශ්නේ මහින්දට සහයෝගේ දුන්නම සටස් ගාල විසඳලා දේවී...
ආණ්ඩුවත්, විදේශ රටවලත් ඔක්කොම සැලකිලි සුළු ජාතිකයින්ට. සිංහල-බෞද්ධයාට කාගේ පිහිටක්ද? ඇයි මොවුන් රටක සිටින ජාතින්ට වෙන් කරගෙන, තෝරා ගෙන සලකන්නේ? සලකනවා නම් ආණ්ඩුවට උදවු කළ යුතුයි. විසඳිය යුතු ප්‍රශ්න හා විසඳිය යුතු ආකාරය, දිය යුතු ප්‍රමුඛත්වය තීරණය කළ යුත්තේ ස්වාධීන රාජ්‍යයක් නම් තමා විසින්මයි. ඉන්දියාව මේ කරන්නෙත් උදව් කරන මුවාවෙන් අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමයි. දෙමළ ජනතාවට පමණක් අනන්‍ය වූවා යයි තමා විශ්වාස කරන ප්රශ්නය කුමක් දැයි නාරායන් ස්වාමි පළමුව ප්‍රකාශ කළ යුතුයි.
විදේශ රටවලයි, ආණ්ඩුවෙයි හැම සැලකිල්ලම සුළු ජාතින්ට... සිංහල-බෞද්ධයින්ට තමයි මොකවත් නැත්තේ... ඇයි ඔවුන් මෙහෙම රටේ ජාතින් සුවිශේෂ කර වෙන් කරගෙන සලකන්නේ? රටකට උදව් කරනවා නම් කළ යුත්තේ ආණ්ඩුව හරහා... මොවුන් මෙතනදී ආණ්ඩුවට උදව් කරන බවක් පෙන්නුවට කාගෙ ප්‍රශ්න විසඳන්නද? විසඳිය යුතු ප්‍රශ්න මොනවද යන්න තීරණය කරන්නේ, බාහිර පාර්ශවයක් වූ ඔවුන්... රටක අභ්‍යන්තර ප්‍රශ්නවලට අන්‍යාකාර අනියම් අතපෙවීමක් මොවුනුත් මේ කරන්නේ... රටේ ප්‍රශ්න මොනවාද? ඒවාට විසඳුම විය යුත්තේ කවරක්ද? යන්න තීරණය කිරීම ඒ ඒ රටට අයත් කාරියක් මිස බාහිර රටවලට එය තීරණය කිරීමට බැහැ. මොවුන් පැහැදිළිවම මේ කරන්න හදන්නේ ලංකාවේ ජන අනුපාතයට ප්‍රමාණාත්මකව ගුණාත්මකව වෙනස් කිරීමට බලපෑම් කිරීමයි. කොහොමත් ඉන්දීය වීදේශ ප්‍රතිපත්තිය වී තියෙන්නේ විශේෂයෙන්ම කලාපීය රටවල් බෙලහීන කර සිය අනසකට යටත් අවනත රාජ්‍ය ලෙස පවත්වා ගැනීමයි. හොඳම උදාහරණය නේපාලයයි. සියල්ලට පෙර, දෙමළ වීම නිසාම දෙමළ ජනයාට ඇති සුවිශේෂම ගැටළුව කුමක්දැයි යන්න නාරායන් ස්වාමි විසින් පැහැදිළිකර ප්‍රකාශ කළ යුතුයි. ආණ්ඩුව එසේ කිරීමට ඔහුට බලපෑම් කරවාද? ආණ්ඩුවම ඊට ශක්තිමත්ද?
කවුද මේ? මෙයාට ඇයි ලංකාව ගැන මෙච්චර ආදරයක්?
සිංහල ජනතාවට නැති, දෙමල ජනතාවට ඇති ප්‍රශ්නේ මොකක්ද? ෆෙඩරල් නැති එකද?
පිටදේශවල අයට අපේ රටේ වැඩවලට ඇඟිලි ගහන්න ඉඩදෙන්න එපා. මේ එක්කෙනාගේ කියමන් තඹ දොයිතුවකට ගණන් ගන්න එපා. අපේ රටේ බුද්ධිමත් ජනතාව තීරණය කරාවි කාටද සහය දෙන්න ඕනේ කියා. අනවශ්‍ය දේවලට අැහුන්කන්දී තම රටේ ඒකීය භාවය නැතිකරගන්න එපා...
ඔන්න විදේශීය බලවේග ප්‍රසිද්ධියේම ක්‍රියාත්මක වෙනවා.
ඔන්න විදේශීය බලවේග ක්‍රියාත්මක වෙන්න පටන් අරන්.. මේක ඉන්දියාවේ කොලනියක් නෙවෙයි. කෝ අපේ විමල් සහෝදරයා? එයා නිදිද?