25000 දඩය පමා වීමත් සමඟ රිය අනතුරු ඉහළට රථ වාහන වැරදි පිලිබඳව නීති දැඩි කලයුතු බවට ඇතිවූ සමාජ මතය අනුව ඉදිරිපත්වූ නීති දැඩි කිරීම සහ දඩ මුදල් වැඩිකිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය අවශ්‍ය නිර්දේශ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකලද නීති කෙටුම්පත් සම්පාදනය කිරීමේ කටයුතු මෙතෙක් අවසන් වී නොමැත. 27 December 2017
ඇමරිකාව කතුර අතට ගනී ඉදිරි වසර දෙකක කාලය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදෙන මූල්‍ය ආධාරවලින් එක්සත් ජනපදය ඩොලර් මිලියන 285ක මුදලක් අඩු කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ. 27 December 2017
ඡන්ද පෙළපාළිවලට සීමා පළාත් පාලන මැතිවරණයට අදාළව පෙළපාළි යා හැක්කේ අපේක්ෂකයා සමග ආධාරකරුවන් 10 දෙනකුට පමණක් බවත් එම ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් එය නීති විරෝධි පෙළපාළියක් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා අද(27) පැවසීය. 27 December 2017
රිමාන්ඩ් භාරයේ සිටින පළාත් මන්ත්‍රීට සභාවට යන්න අවසර ගිනි අවි ආඥා පනත යටතේ අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටින බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් ආසිරි රුද්‍රිගු ජනවාරි 9වැනිදා පැවැත්වෙන බස්නාහිර පළාත් සභා මාසික රැස්වීමට සහභාගී කරවන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද(27) මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළාය. 27 December 2017
ඔබාමා සමාජ මාධ්‍ය අවදානම පිලිබඳව අනතුරු අඟවයි වගකීම් විරහිත ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීම අනතුරුදායක බව බී.බී.සී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පවසා තිබේ. 27 December 2017
රන්දිම ගමගේ ගේ දිවුරුම් දීම කල්යයි දකුණු පළාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේ මහතා පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැතිවරයා ලෙස අද(27) දහවල් දිවුරුම් දීමට නියමිතව සිටියද මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් ඊට විරෝධය පළවීම හේතුවෙන් දිවුරුම් දීම කල්ගොස් ඇතැයි වාර්තා වේ. 27 December 2017
රංගේ බණ්ඩාරගෙන් අභියෝගයක් තමා විසින් විල්පත්තු රක්ෂිතයේ ගස් කපන ලද බව ඔප්පු කළහොත් තමා දේශපාලනයෙන් සමු ගන්නා බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 27 December 2017
ආගමන විගමන නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති ආගමන හා විගමන නිලධාරීන්ගේ ඉල්ලීම් තුනකට විසඳුම් මේ මස 30වැනිදාට පෙර ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට යන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය පවසයි. 27 December 2017
ගෝන මස් කිලෝ 50 ක් සමඟ පුද්ගලයෙක් කොටු වෙයි ඩයගම පොලිස් වසමට අයත් ඩයගම “පෝට්මෝර්” වතුයායේ ගෝන මස් කිලෝ 50 ක් සමඟ පුද්ගලයෙක් සැක පිට අද (27) ඩයගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 27 December 2017
දකුණු කොරියාවේ වසරකට සුනඛයන් මිලියනයක් මසට දකුණු කොරියානු ජාතිකයකන් වසරකට සුනඛයන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් මස් ලෙස පරිභෝජනයට ගන්නා බව වාර්තා වේ. 27 December 2017
ශිෂ්‍යත්ව සමතුන්ගේ අභියාචනා කැඳවයි 2017 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම් අනුව ලබන වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා පාසල්වලට අභියාචනා භාරගැනීම ජනවාරි 15වැනිදා සිට පෙබරවාරි 15වැනිදා තෙක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 27 December 2017
කෝපාපිලව්හි අක්කර 133 ක් යළිත් ගම්වැසියන්ට මුලතිව් මුහුදුබඩපත්තු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කේපාපිලව් ප්‍රදේශයේ යුද හමුදාව විසින් පරිහරණය කළ අක්කර 133 ක ඉඩම් ප්‍රමාණයක් හෙට (28) යුද හමුදාව විසින් මුලතිව් දිසාපතිවරයා වෙත බාර දීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය. 27 December 2017
එක්ස්කැවේටර් ක්‍රියාකරු විදුලිසර වැදී මරුට සංවර්ධන කටයුත්තක යෙදී සිටි එක්ස්කවෙට්ර් යන්ත්‍ර ක්‍රියා කරුවෙකු අද (27) විදුලි සැර වැදී මියගොස් ඇත. 27 December 2017
ඉන්දීය ධීවරයින් 20ක් නිදහස් කෙරේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 20දෙනකු යළි එරටට භාර දීම අද(27) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කළ බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි. 27 December 2017
පොහොට්ටුවත් අතත් එක්වෙන්න යයි එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලයක් නොලැබෙන ආයතනවල බලය පිහිටුවීම සඳහා වෙනත් කණ්ඩායමක් හා එක්වීමට සිදුවුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අනිවාර්යයෙන්ම එක්වන්නේ 27 December 2017
2017 දී කෝටි 13 හොරොයින් තොගයක් අත්අඩංගුවට - ඇමැති සාගල 2017 වසරේ මේ දක්වා සිදුකළ හෙරොයින් වැටලීම් වලින් රුපියල් කෝටි 13 ට ආසන්න වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. 27 December 2017
මුල්‍ය අර්බුදය ගැන කතාකරන්න පාර්ලිමේන්තුව කැඳවන්නැයි දිනේෂ් ඉල්ලයි රටේ මූල්‍ය අර්බුදය උග්‍රව පවතින බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 27 December 2017
අපේක්ෂකයන්ගේ නිවස්වලට පහර දුන් 13 ක් රිමාන්ඩ් අම්පාර කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ සයින්දමර්දු ප්‍රදේශයේදී කල්මුනේ මහනගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයින්ගේ නිවස් දෙකකට පහර දුන් සැකකරුවන් 13 දෙනෙක් කල්මුනේ මහේස්ත්‍රාත් පයාස් රසාක් මහතාට ඉදිරිපත් කිරිමෙන් පසු 28 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට නියෝග කළේය. 27 December 2017
ව්‍යාපාරිකයා පැහැරගෙන කප්පම් ඉල්ලූ තිදෙනෙක් අත්අඩංගුවට යුකේ‍්‍රනයේ සිට ඥාතීන් බැලීම සඳහා වවුනියාව වෙත පැමිණි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ලක්ෂ 15 කප්පම් මුදලක් ලබාගැනීමට තැත්කළ පුද්ගලයින් තිදෙනක් අද (27) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. 27 December 2017
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලූ විසඳන්න ජනපතිගෙන් කමිටුවක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලූ පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කළේය. 27 December 2017
මඩු රක්ෂිතයේ බුරුත දැව ජාවාරමක් වටලයි මන්නාරම් මඩු රක්ෂිතයේ පම්පේඩි රක්ෂිත කැලෑවේ පවත්වාගෙන ගිය රහසිගත පලු දැව ජාවාරමක් අද (27) අළුයම මඩු අඩවි වන නිලධාරීන් හා මන්නාරම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් වටලා ඇත. 27 December 2017
දෙනියායේ හමුදා සෙබළෙකු ඝාතනය කරයි සංගීත සංදර්ශනයක් බලා නිවසට යමින් සිටි හමුදා සෙබළකුට අද (27) දෙනියාය,පල්ලෙගම,ගංගොඩ ප්‍රදේශයේ දී පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි දෙනියාය පොලීසිය කියයි. 27 December 2017
බදුල්ලේ බස් රියදුරු කපා කොටා පුද්ගලයෙක් පලා යයි බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළේ දී අද (27) අලුයම ශ්‍රී ලංගම මොනරාගල ඩිපෝවට අනියුක්තව සේවය කරන බස් රථ රියදුරෙක්ව බස් රථය තුළ දී පුද්ගලයෙක් කපා කොටා පළා ගොස් ඇතැයි පොලිසිය පවසයි. 27 December 2017
හෙරොයින් සමඟ අඹුසැමි යුවලක් අත්අඩංගුවට අඹුසැමි යුවලක් සන්තකයේ තිබී හෙරෝයින් 600ක් සමඟ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි 27 December 2017
තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනම කියන්නේ නෑ මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ ඒ ඒ පළාත් පාලන ආයතනයට අදාළ තැපැල් ඡන්ද ප්‍රමාණය වෙනම ප්‍රකාශ නොකරන බව මැතිවරණ කොමිසම පවසයි. 27 December 2017
ඡන්දෙට විදේශීය නිරීක්ෂකයන් නෑ පළාත් පාලන මැතිවරණය සඳහා කිසිදු විදේශීය නිරීක්ෂකයකු සහභාගී කර නොගන්නා බව මැතිවරණ කොමාසසේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ පැවසීය. 27 December 2017
පෙර අමනාපයට අයියා මලෝ ඇසිඩ් ගහලා සහෝදරයින් දෙදෙනෙක් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් තුවාල ලබා එක් අයකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව කොස්වත්ත පොලීසිය කියයි. 27 December 2017
මීරිගම සිසුවකු අතුරුදහන් මීරිගම නගරයේ පැවැති පෙරහරක් බැලීමට පසුගිය 24 වෙනිදා ගිය 14 හැවිරිදි පාසල් සිසුවකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මීරිගම පොලිසිය කියයි. 26 December 2017
මහේස්ත්‍රාත්ට තර්ජනය කරයි තිදෙනක් රිමාන්ඩ් හැටන් මහේස්ත්‍රාත් සර්වන රාජා මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදුණේ යැයි කියන පුද්ගලයන් තිදෙනකු ලබන ජනවාරි 03 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර බංඩාර මහතා අද (26) නියෝග කළේය. 26 December 2017
මත් පෙති සිද්ධියකට ආරච්චි වරයකු රිමාන්ඩ් රුපියල් දෙකෝටි විසි හය ලක්ෂයක් පමණ වටිනා මත් පෙති 7564 ක් සන්තකයේ තබාගැනීම සහ ඊට ආධාර අනුබල දුන් බව කියන කොළඹ දිසා අධිකරණයේ ආරච්චි වරයකු සහ ඔහුගේ ඥාති සොහොයුරා ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා අද (26) නියෝග කළේය. 26 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026