(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා පැය දෙකකින් ජනාධිපතිවරයා ඉල්ලා අස් වු පසු ඊළඟ ජනාධිපති අනුප්‍රාප්තිකයා කවුදැයි ඉතා පැහැදිළි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.
ජනාධිපතිවරයා ඉල්ලා අස් වූවහොත් එවැනි තත්ත්වයකට මුහුණ දීමට ශක්තිය එක්සත් ජාතික පෙරමුණ සතුව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
අරලියගහ මන්දිරය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට කොල්ලුපිටිය පොලීසියට නියෝග දී ඇති බව කී මන්ත්‍රීවරයා එවැනි තත්ත්වයකට මුහුණ දීමට එක්සත් ජාතික පාක්ෂිකයන් සුදානමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ මේ ගයන්නේ එජාපයේ හංස ගීතයය්.
ඔය හරි කලබලයිනේ මහත්තයෝ. ඉවසල ඉන්න. අතුරු අය වැය පරාද උනාම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඊට පස්සේ අපි තොරගන්නම් අගමැතිව.
හරි හරි ඉස්සෙල්ල බහුතරය පෙන්නනකො!
කවදද අපේ ජනාදිපතිතුමා කියපු දෙයක් කලේ?
කලබල වෙන්ට එපා. ඔය ජනාධිපති මොනම හේතුවකටත් ඔය පුටුව දාලා යන්නේ නැහැ.
දැන් අරලිය ගහ මන්දිරයේ රැඳිලා ඉන්න සමහරක් කට්ටිය අතිකාරම් අරගෙනද කවුද දන්නේ. ඡන්දෙ දවසක අත උස්සන වෙලාවට තමා කාට කාටත් උණ සන්නිපාතය හැදෙන්නේ. දැනට එජාපයට ඉන්නේ මන්ත්‍රී වරු 100. සම්බන්ධන්ගේ මන්ත්‍රී ආනන්දන් කිසිවෙකුටත් තම ඡන්දය දෙන්නේ නැතිලු. පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු එම කණ්ඩායමේ තීරණය ගන්නා බවයි කියන්නේ. ඔවුන්ගේ ඉල්ලීම් ලිඛිතව දෙන කෙනෙකුට උදව් කිරීමටද කැමති බවයි කියන්නේ. "උතුර නැගෙන හිර එකමුතුකර පෙඩරල් ආණ්ඩු ක්‍රමයක් දෙන්න" කියල ඒ ලියුම් කඩදාසියේ ලියල තියෙනවද කවුද දන්නේ? අද ඉන්න තත්ත්වයේ හැටියට එහෙම දේකට උනත් රනිල් කෙසේ වෙතත් මහින්ද නම් අත්සන් කරාවි. වැඩේ වෙන්නේ හෝ නොවෙන්නේ පස්සෙනේ. එතන ඉන්න අයගේ ගෙවල් වලටත් බැසිල් මහත්තයා මේ දවස් දෙක තුනේ දුවනවද කවුද දන්නේ. දුමින්ද සමඟ තව10 දෙනෙක් ස්වාධීන වෙනවලු. නමුත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ නිදහස් සන්ධානය අත හැර නොයන බවත් කියනවා. ඉතින් ඒ අය රනිල්ට කැමැත්ත පොරකාශ කරාවි කියා සහතිකයක් නැහැ.මහින්දට දැන් 101 දෙනෙක් ඉන්නවා. තව අවශ්‍ය 12 යි. කෙසේ හෝ රට භයානක ඒකාධිපති වාදයකට තල්ලු වෙන බවයි පෙනෙන්නේ.එහි මුලික ලක්ෂණ දැනටමත් පෙනෙන්ට තියෙනවා නේද?
අපිත් දන්නවා ............
ඔහේලා තමයි එජාපෙ නැති කලේ.
දැන් වැඳි බණ කියනවා බලය තියෙන විට මොනාද කලේ අපිව කෑවා ඇරෙන්න.....
අරලියගහ මන්දිරයේ බලහත්කාරයෙන් රැඳී සිටීම පොදු දේපල අවභාවිතාවක් කියන නිසා කලයුත්තේ පාර්ලිමේන්තුවේදී බලය පෙන්විමයි...එහෙම නොවුනොත් දන්නවනේ....කෙලින්ම රජයේ පොදු නේවාසිකාගාරයේ...
හොරකම් තවත් ජයටම කරගෙන යන්න පුළුවන්.......
මේ වගේ අය නිසා තමා අද UNP එකට මෙහෙම ඉරණමක් අත් වුනේ. මහා බැංකුව කොල්ල කාපු අය රකින්න ෆුට් නොට් දමපු මේ අය අද විකාර දොඩවනවා. රටේ ජනතාවගෙන් විශාල බහුතරයක් අද UNP එක ප්‍රතික්ෂේප කරලා. අවුරැදු 3 ක් ගෙවුන මොනවද රටට වුන යහපත ? ඇමතිලා නම් හැදුනා