කොස්ලන්ද අම්පිටිකන්ද නායයාමේ අවදානමක් පැවැති වර්ෂාවත් සමග කොස්ලන්ද අම්පිටිකන්ද වත්තේ කන්දක කොටසක් සිකුරාදා(22) නාය ගොස් ඇති අතර පොළොව ඉරිතලා ගිලා බැස තවත් කොටසක් නායයාමේ දැඩි අවදානමක පවතින බව ප්‍රදේශවාසීහු කියති. 25 December 2017
අනාරක්ෂිත ළිඳට වැටී තරුණයා මරුට දංකොටුව - දුම්මලකොටුව නිවෙසකට යාබදව පිහිටි ආනරක්ෂිත ලිඳකට අද (25) උදෑසන වැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි දංකොටුව පොලිසිය පවසයි. 25 December 2017
ඔයේ නාද්දී සෙල්ෆි ගහන්න ගිය සිසුන් දෙදෙනෙක් මරුට මුලතිව්, පුදුකුඩිඉරිප්පු කල්ලිඅඩි ඔයේදී සෙල්ෆි ගැසීමට ගිය පාසල් සිසුන් පිරිසකගෙන් දෙදෙනකු ඔයේ ගිලීමෙන් මියගොස් ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. 25 December 2017
කොස්ගොඩ සුජී අල්ලන්න ජාත්‍යන්තර රතු නිවේදනයක් ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනය විසින් ශ්‍රී ලාංකිකයකු වන අවුරුදු ජගමුනි සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී (33) අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත්කරනු ලැබ ඇත. 25 December 2017
මෝටර් රථයක් පෙරළී සරසවි සිසුවෙක් මරුට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් සිව් දෙනෙකු ගමන් ගත් කුඩා මෝටර් රථයක් 24දා මධ්‍යම රාත්‍රීයේ දී බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන පෙරළී අනතුරට ලක්වීමෙන් එක් ශිෂ්‍යයෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි පැල්මඩුල්ල පොලිසිය කියයි. 25 December 2017
පැය 24 ට හදිසි අනතුරු මරණ 7 යි දිවයිනේ ප්‍රදේශ කිහිපයක අවසන්වූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරු 06 කින් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් 01 අයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතිබව පොලිසිය පවසයි. 25 December 2017
අධික වේගයෙන් ගිය යතුරු පැදිය විදුලි කනුවේ වැදී ගිනිගනී යාපනය වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ අරාලි කොඩ්ඩයිකාඩු රෝහල අසලදී ඊයේ (24) රාත්‍රිෙය් යතුරු පැදියක් අණතුරට ලක්වීමෙන් පසුව යතුරු පැදිය තරුණයා සමගම ගිනිගෙන විනාශ වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටී. 25 December 2017
A-380 යානයක් කටුනායකින් තෙල් පුරවාගනී ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කර තිබෙන විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ප්‍රංශයේ නිෂ්පාදිත A - 380 එයා බස් වර්ගයේ මගී ගුවන් යානයක් අද අලුයම හදිසියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. 25 December 2017
පුරා වස්තු වැනසුවොත් ලක්ෂ 20ක් දඩ පුරාවස්තු විනාශ කරන්නන්ට නියම කරන දඩය රුපියල් විසි ලක්ෂයක් හෝ ඊටවඩා ඉහළ යන පරිදි පුරා විද්‍ය පනත සංශෝධනය කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 25 December 2017
ගංජා රැගෙන සිරීපාදේ ගිය 10 ක් අත්අඩංගුවට නීති විරෝධිව ගංජා හා දුම් වැටි තොගයක් රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් 10 දෙනෙක් හැටන් පොලීසියේ, කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (23) පස්වරුවේ දියගල ප්‍රදේශයේදී සැක පිට අත්අඩංගුවට ගනු ලැබූහ. 24 December 2017
විල්පත්තු ඉඩම් නිදහස් කරන්න අැමතිට බලයක් නැතිලු නැවත පදිංචිකිරීම් සඳහා විල්පත්තුව විලත්තියිකුළම් රක්ෂිත වනාන්තරයේ ඉඩම් නිදහස් කරන්නැයි වන සංරක්ෂණ ජනරාල් වෙත නියෝග කිරීමට වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා ට කිසිදු අධිකාරි බලයක් නොමැති බව විලත්තියිකුළම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධටෙයන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාවේ සඳහන් වේ. 24 December 2017
මම යූඑන්පීයට යන්නේ නෑ - කෙහෙළිය වත්මන් රජය මැතිවරණයක් ආසන්න වන විටම තාජුඩීන්ල ලසන්ත වික්‍රමතුංගල මිනී වලවල් වලවල් වලින් ගොඩ ගෙන මැතිවරණ වාසි ලබා ගන්නට කටයුතු කරන බවත් එලසම තමන්ද මැතිවරණයක් ආසන්න වන විට එක්සත් ජාතික පක්ෂයට එකතු වන්නට යන බව කියා අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 24 December 2017
පස් කන්දකට යටවි පෙදරේරුවා මරුට නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ප්‍රදේශයේ නිවසක තාප්පයක් ඉදිකිරිමට කපා තිබු වලක බැස මැනිමි කටයුතු සිදුකරමින් සිටි පෙදරේරුවෙකු පස් කන්දකට යටවි මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි. 24 December 2017
අපේක්ෂිකාවගේ ගෙදරදී බෙදූ පෝර පොලිසිය භාරයට ගෙන බෙදයි අනුරාධපුර දිස්ත්‍රිකයේ කැබැතිගොල්ලැව ප්‍රාෙද්ශිය සභාවේ වාහල්කඩ කොට්ඨාශයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂිකවකගේ නිවස ඉදිරිපිටදි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් පොහොර මිටි 62 ක් තෝරා ගත් පිරිසකට බෙදා දෙමින් සිටියදි කැබිතිගොල්ලැව පොලිසිය මගින් පොලිසිය භාරයට ගෙන තිබුණි. 24 December 2017
පැෆරල් සංවිධානය ඡන්ද අපේක්ෂකයන් ගැන පොලිස් වාර්තා සොයයි මැතිවරණවලදී අපේක්ෂකත්වය බලාපොරොත්තු වන්නන් ගෙන් පොලිස් වාර්තා ලබාගැනීම අනිවාර්ය කරන්නැයි රජයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තුවන බව පැෆරල් සංවිධානය කියයි. 24 December 2017
එස්බීට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් මැතිවරණ නීති උල්ලංගනය කරමින් එක්සත් ජනතා නිදහස් සංධානයේ හේවාහැට ආසනයේ සංවිධායක සමාජ සවිබල ගැන්වීම, සුබ සාධන හා උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතා හා චන්ද අපේක්ෂක දීපාල් අරුණ ශාන්ත ගුණතිලක මහතා කටයුතු කරණ බව පවසමින් මැතිවරණ කොමසාරිස් වරයාට හා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිට පැමිනිලි කල බව මහනුවර දිස්ත්‍රික් හේවාහැට ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායිකා ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ලංකාදීපයට පැවැසීය. 24 December 2017
විල්පත්තු වන මැදින් ගෙනගිය මුහුදු ජීවීන් අත්අඩංගුවට විල්පත්තුව ජාතික වනෝද්‍යානය මැදින් වු මාර්ගය හරහා නිති විරෝධි ලෙස ප්‍රවාහනය කළ මුහුදු අශ්වයින් තොගයක් ඇතුළු තවත් මුහුදු ජීවින් තොගයක් බස් රථයකින් රැගෙන යමින් සිටියදී වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 24 December 2017
විදුලි අනතුරකින් 4ක් රෝහලේ බළන්ගොඩ ප්‍රෙද්ශයේ ප්‍රධාන පෞද්ගලික සමාගමක සේවය කරමින් සිටියදී ඇතිවූ විදුලිය කාන්දුවීමකින් අනතුරටකට ලක්වූ පුද්ගලයින් සිව්දෙනෙක් රෝහල්ගතකර ඇත. 24 December 2017
ඒකාබද්ධ පොදුජන පෙරමුණ මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් කරළියට ජනවාරි 2 දා ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුව පක්ෂයේ) කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු වශයෙන් සිටිමින් නිල නොවන මට්ටමින් එම පෙරමුණට සහයෝගය දැක්වීය. 24 December 2017
හල්දුම්මුල්ලේ අනතුරකින් 8 ක් රෝහලේ හල්දුම්මුල්ල බත්ගොඩදී ඊයේ රාත්‍රී 11.30 පමණ සිදු වූ රිය අනතුරකින් අට දෙනෙකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පස් දෙනෙකු දියතලාව මූලික රෝහලට මාරු කර යවා ඇත. 24 December 2017
ඇල්ලට ගිය රියේ හිමිකරු - රියදුරු රිමාන්ඩ් ඌරුබොක්ක සිට පැමිණි පෞද්ගලික බස්රථයක් (23 වැනිදා) අද අඵයම රත්නපුර පතුල්පාන දොඩම් ඇල්ලට පෙරළීමෙන් සිදූවූ අනතුරින් දෙදෙනකු මියගොස් 42ක පමණ පිරිසකට තුවාල සිදුවිය. මේ අනතුර සම්බන්ධව එම බස්රථයේ හිමිකරු සහ බස්රථය ධාවනය කළ රියදුරු රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් තිසාණි තේනබදු මහත්මිය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදී 2018 ජනවාරි මස 08 දින දක්වා රිමාන්ඩ් බාරයේ තැබිමට නියමකළාය. 23 December 2017
පොදුජන පෙරමුණ සන්ධානයකට සැරසෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී වඩාත් ප්රබලව පක්ෂ 20 ශක්තියෙන් තමන් සමග අලුතින් එක්වීමට දැනට කැමැත්ත පළකර ඇති සියලු පක්ෂ සමග සන්ධාන ගතවී ඒකාබද්ධ පොදුජන පෙරමුණ නාමයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම් වෙයි. අද (23) දහවල් පැවති පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමකදී එලෙස තීරණය කර ඇත. 23 December 2017
ශ්‍රී ලන්කන් - මිහින් ලංකා ගැනත් විමර්ශන කමිටු වංචාව සහ දූෂණය පිටුදැකීමට ගෙන යන වැඩපිළිවෙළ නොනවත්වා කරගෙන යන බවත් අද රටම කථා කරන බැඳුම්කර කොමිසමේ වාර්තාව තමන්ට ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ මිහින් එයාර් ගුවන් සේවය පිළිබඳව සොයා බැලීමට ද නව කොමිසම් දෙකක් පත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. 23 December 2017
ඒකදන්තයා හොරෙන්ම පුරුදු කැලේට යයි ගලිගමුව අලි සුරැකුම් මධ්‍යස්ථානයේ රදවා සිටි ඒක දන්ත හස්තියා නැවතත් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිය වාසභූමිය වූ ගලිගමුව වැව් රක්ෂිතයටම පැමිණ සිටියදී සොයාගෙන ඇත. 23 December 2017
පිලිපීනයේ කුණාටුවකින් 133ක් මරුට පිලිපීනයට අයත් මින්දනාවෝ දූපත හරහා හමාගිය වැසි සහිත කුණාටුවෙන් හටගත් අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් 133 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 23 December 2017
බසයක් පෙරළී දෙකක් මරුට 41 රෝහලට උෟරුබොක්කේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පැල්මඩුල්ල පතුල්පාන දොඩම්ඇල්ල දිය ඇල්ලට පෙරළීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි රත්නපුර පොලිසිය කියයි 23 December 2017
ලාංකිකයා හරවා එව්වාට එක්සත් ජාතීන්ගේ විරෝධය සරණාගත තත්ත්වය අපේක්ෂාවෙන් ඕස්ට්‍රෙලියාව බලා ගිය ශ්‍රී ලාංකිකයකු බලහත්කාරයෙන් නැවත ශ්‍රී ලංකාවට යැවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විරෝධය පළ කර තිබේ. 22 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026