හර්ෂණ තුෂාර සිල්වා
ශ්රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්රී ලංකා රුපියලට සාපෙක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක අගය අද (30) රුපියල් 175 සීමාව ඉක්මවා ගියේය.
මේ අනුව අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්රමාණය 175.56 ක් දක්වා අද (30) ඉහළ ගියේය.
ශ්රී ලංකා මහ බැංකුව අද (30) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකිණුම් මිල රුපියල් 175.56ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල 171.67ක් ලෙස දැක්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයට අඩු කරන්න බෑ වගේ...........
මහින්ද අගමැති උනානේ ......... දැන් අඩු වෙන්න ඕනි නේ................
බය වෙන්න දෙයක් නෑ, අලුත් අගමැති ඕක සතියකින් 130 ට බස්සනවා.
බන්දුල ගුනවර්ධන මහත්තයෝ .. දැන් වත් මොකක් හරි කරන්න. රුපියල පහලට රෝල් වෙනවා. බැරිද එකට පල්ලම් පොල්ලක් වත් දාන්න?
හිටපු එජාප මුදල් ඇමතිගේ "බැරිකම" නිසා උඩගිය ඩොලරය අඩුකිරීමට ජනපති පත්කරපු අලුත් මුදල් ඇමැතිටත් බැරිවෙලා වගෙයි. අපේ ශ්රීලංකාවට පුලුවන්නම් ඇමරිකානු ඩොලරය පාලනය කරන්න, අනේ අපේ රට පළාතේම ආශ්චර්යය වෙනවා නොවේද? 2500කින් පවුලක් නඩත්තු කරන්නේ කොහොමද කියල අර හිටපු "ආර්ථික බොස්ගෙන්" ආයෙත් අහල බලබුද?

අපේ බන්දුල ගුණවර්ධන ශූරීන් අඩු කරයි මේක ආයේ 2500 න් මාසයක් කාලා ඉන්න පුළුවන් විදිහට...
රුපියල පානොවෙන්න නම් සාටකේ ගලක් ගැටගසා රුපියලේ එල්ලන්න වෙනවා...
රුපියල උඩට ගන්නනම් මෙහේ අයව අයින් කලාවගේ ට්රම්ප්වත් අයින් කරන්න වෙනවා.
ජනාධිපතිට පුලුවනි ලිපියක් දෙන්න ඇමෙරිකන් එම්බසියට, ට්රම්ප්ව ජනාධිපතිකමෙන් ඉවත්කරල ඇමෙරිකන් පුරවැසියෙක් පත්කලා කියල . එත්කොට රුපියල නගී බලාගෙන ඉන්නකොට.