(ඉන්දිකා රාමනායක)
රට තුළ ඇති වූ දේශපාලන වෙනස් වීම හුදෙක් දේශපාලන අවශ්‍යතාව මත මහජන ඡන්දයෙන් පත්වූ දේශපාලනඥයන් අතර ඇති වූ තත්ත්වයක් පමණක් වන අතර දේශපාලන ගැටළු සඳහා විසඳුම් සෙවීම නීතිගරුක මෙන්ම විනයගරුක හමුදාවක් වශයෙන් යුද හමුදාවට අයිති රාජකාරියක් නොවන බව සියලුම හමුදා නිලධාරීන් අවබෝධ කරගත යුතු බව හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සියලුම උසස් හමුදා නිලධාරීන් වෙත විශේෂ නිවේදයක් නිතුක් කරමින් දන්වා සිටියි.
මෙහිදී හමුදාවේ මූලික කාර්ය වන්නේ දේශපාලන , ජාති, ආගම් , බේදයකින් තොරව සියලු රට වැසියන් හා දේපළ ආරක්ෂා කිරීම බවත් ඒ සඳහා කි‍්‍රයා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් නිකුත් කරන්නේ ජනාධිපතිතුමන් , ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි හරහා යුද හමුදාපති විසින් පමණක් බැවින් ඊට බාහිරව ලැබෙන උපදෙස් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථම ඒ සම්බන්ධයෙන් තමන්ගේ අනුමැතිය ලබාගත් යුතු බවද යුද හමුදාපතිවරයා දන්වා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි. සාමය බලන්න. නීතිය රකින්න. 2009 ලැබූ ජය තව දුරටත් පවත්වන්න. දෙපැත්තේම ඉන්නේ ඔබලාගේ අයමයි.
කොහොමත් අපේ රටේ හමුදා කුමන්ත්‍රණයකට හෝ හමුදා පාලනයකට කිසිම හැකියාවක් නැහැ. ලංකාවේ හමුදා මෙහෙයුමකින් පාලනය අල්ලගත්තොත් ඒ එක්කම ඉන්දියන් හමුදාව ලංකාව අල්ලනවා. එහෙම නොවුණත් ලෝකෙන්ම සම්බාධක පනවපු ගමන් [විශේෂයෙන්ම ඛනිජ තෙල්වලට සහ අපනයනවලට] පාලනයට යන එන මන් නැතිවෙනවා එක සතියෙන්... මොකද අපේ රටේ ඛනිජතෙල් තියෙන්නේ එක සතියක තොගයක් විතරයි...
සේනාධිනායක ලබා දෙන නියෝග ක්‍රියාතමක කිරීමට බැඳී තිබෙනවා නම් මොකද්ද මේ කියන මධ්‍යස්ථ කතාව ?