(අංජුල මහික වීරරත්න)
රාජපක්ෂ පාර්ශවයේ කිසිවකුත් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් නොදීමෙන් ඔවුන්ට මේ ක්‍රියාවලිය ගැන විශ්වාසක් නැති බව තහවුරු වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
දේශපාලනය ගණිකා වෘත්තියේ යොදවන තැනට වැඩ කරන්නන්ට ඉදිරියේ නිසි පිළිතුරු ලැබෙන බවද මන්ත්‍රීවරයා කිවේය.
අරලියගහ මැදුරේදී අද (30) පැවැති මාධ්‍ය හමුවකදී මෙය ප්‍රකාශ කළ අතර මේ සඳහා ශේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සහභාගී වුහ.
වෘත්තිය ජනහඬ උද්ඝෝෂණය සඳහා සහභාගීවිමට පැමිණි දහස් ගණනක් ජනතාව මේ වන විට අරලියගහ මන්දිරයට රැස් වෙමින් සිටිති.
කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේදී උද්ඝෝෂණය ඇරැඹෙන වේලාවක් පිළිබඳ මෙතෙක් නිශ්චිත වේලාවක් ප්‍රකාශයට පත් කර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව රවටන්න මොනවා කලත් හදවත් ඇත්ත තත්ත්වය දන්නවානේ
මේ ගැටළු සියල්ලටම විසඳුම ගෙම්බෝ පැනීම බව දේසපාල මගෝඩිස්ලා දන්නවා. උන් එකෙක්වත් මේක වෙනස් කරන්න කැමති නෑ. එහෙම කලොත් හදිස්සියකට බිලීබාගන්න බැරි වෙනවා නේ. අපට බොරු බණ කියනවා. අපි ඉතින් හැමදාමත් රැවටෙනවා.
අගමැතිකමට දිවුරුම් දුන්නට පස්සේ හැමෝම වටවෙලා ආණ්ඩු පිහිටුවාගෙන ඇමතිකම් ගන්න පොරකයි කියලා හිතාගෙන ඉන්න ඇත්තේ. නැත්නම් මොන මෝඩයද වරෙන් ඇවිල්ලා දිවුරුම් දිපන් කිව්ව පලියට එහෙම කරන්නේ. දැන් බහුතරය හදා ගන්න බැරුව වගේ ඉන්නේ.........
ඔව් ඉතින් ... මේගොල්ලන්ට ගත්තත් වැරදි .. නොගත්තත් වරදියිනේ.............
1977 න පසු දේසපාලුවෝ අපේ රට විනාස කළා. විදේශික අධිරාජ්‍යවාදීන් , මේ රටට මුන්ගෙන් තරම් හානියක් සිදුවුනේ නැහැ.