(තරිදු ජයවර්ධන)
රට අර්බුදයකට යාමට ඉඩ නොතබා ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිපියක් මගින් ඉල්ලා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට හා බහුතරය ස්ථාපිත කිරීමට වහා පියවර ගන්නැයි එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ හතරක් තමාගෙන් ඉල්ලා ඇතැයිද එම ලිපියේ සදහන් වෙයි.
එම ඉල්ලීම ඉටු කිරීමට නම් පාර්ලිමේන්තුව කැඳවා බහුතරය ඇති පක්ෂයට බලය පැවරිය යුතු බවත් එසේ නොකරන්නේනම් එය ප්‍රජාතන්ත්‍රික අයිතිය පැහැර හැරීමක් බවද කතානායකවරයා සදහන් කරයි.
දින 18කින් පාර්ලිමේන්තුව අක්‍රීය කිරීම ප්රජාතන්ත්රවාදය සහ යහපාලනය සදහා වරම්ලබාගත් ජනපතිවරයා අතින් සිදුවීම විශ්වාස කළ නොහැක්කක් බවද කතානායකවරයා එම ලිපියෙන් දැනුම් දී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය වශයෙන්ම ජනාධිපතිවරයා බහුතරයේ කැමැත්ත පරිදි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව කැඳවිය යුතුමයි. එසේ නොකරන්නේ නම්, තමන්ගේ අභිමතය පරිදි කටයුතු කිරීම නීතිගරුක කතානායක වරයෙකුගේ වගකීමයි. යම් හෙයකින් ජනාධිපතිවරයා නීති විරෝධීව හෝ ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන්නේ නම් එය ඔහු ඔහුටම විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට ප්‍රතිවාදීන්ට උදව් කිරීමක් බව පෙනීයන කරුණකි.
කොමිස් ගහන ඒවා අහුවෙනකොට, මහා බැංකුව කොල්ල කනකොට, ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ අහුවෙනකොට, රටේ සම්පත් අනු නම අව්රුදුවලට බදු දෙනකොට , තමන්ගේ ඥාතීන් පොල්, ගම්මිරිස් වියට්නාමෙන් ගෙන්නලා හොර ප්‍රමිති සහතික ගහල ලංකාවේ නමින් විකුණලා ලංකාවේ අපනයන ආර්ථිකය විනාශ කරනකොට ඔය යහපාලනයේ කට කොහෙද තිබුණේ?
මොලේ විකාර වෙච්ච ජනධිපති කෙනෙක්ට මොනා කිව්වත් තේරෙයිද? ජාත්‍යන්තරව රට මිලේච්ච දේශයක් බවට පත්වේගන යනවා...... දෙසැම්බර් සිට එන සංචාරකයෝ දැන් වෙන රටවල් හොයනවා යන්න, ඇත්තටම දින සියයක් කියල පොරොන්දු වුණේ නැත්තන් අපි කීයටවත් ඡන්දෙ දෙන්නෑ
44 තියාගෙන රනිල් අගමැති වෙනකොට ප්රජාතන්ත්රවාදය ඉහලින්ම රැකිලා. ඡන්ද නොතියා ඉන්නකොට තරු 5 ප්රජාතන්ත්රවාදය ලැබෙනවා. අනේද කට මෙයා නින්දෙන් ඇහැරිලා...........