(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට චීනය මැදිහත් වන්නේ නැතැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කන්ග් පවසා ඇත.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර තිබේ.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සතිපතා පවත්වන මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා එම කරුණු සඳහන් කර තිබේ.
එහිදි තවදුරටත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඔහු මෙසේ ද පවසා ඇත.
“චීනය සහ ශ්‍රී ලංකාව මිත්‍රශීලි අසල්වැසියන්. ශ්‍රී ලංකාවේ තත්ත්වය අපි සමීපව බලා සිටිනවා. චීනය සෑම විටම අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මූලධර්මය අනුගමනය කරනවා. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය එරට අභ්‍යන්තර දේශපාලන අර්බුදයක්. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලට සහ එරට ජනතාවට ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය බුද්ධිය තිබෙන බව අපි විශ්වාස කරනවා”.
ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂෙන්ග් සියුවාන් මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවීම සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කන්ග් මෙසේ පිළිතුරු දී ඇත.
“ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සමඟ අපි සන්නිවේදනය කරනවා. ඔවුන් සමඟ සබඳතා පවත්වා ගන්නවා. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, නව අගමැතිවරයා හා වික්‍රමසිංහ මහතා හමුවුණා. තානාපතිවරයා ඔවුන් සමඟ ද්විපාර්ශවීය සබඳතා සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්තා”.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද මැදිහත් වෙන්නෙ.
චීනය අපිට හරිම ආදරෙයිනෙ නේද?
දැනටමත් ඇමෙරිකාව මැදිහත් වෙලා මේ මොන නාඩගමක්ද අපි ඇමෙරිකාවේ කොලිනියක් නොවෙයි.
ඔබලා පුළුවන් තරම් අපේ දේශපාලකයින්ගෙන් පරිස්සම් වන්න.
වවුලන්ව බාගන්න යටින් සල්ලි දෙනවා විතරයි නේද? චීනා ට අපේ රට විකිණිලා ඉවරයි!
අපි මැදිහත් වෙන්න නැහැ. නමුත් මැතිවරණ වලට සල්ලි දෙනවා.
ඔබ එන්න ඇවිත් යන්න එන්න.
කරලා තියෙන හරිය, කරන හරිය මදිද? තව අවුරුදු 100 ක් උත්සහ ගත්තත් ඇමෙරිකාවට හැරෙන්නවත් බෑ චීනේ ලංකාවට ගේම දීලා තියෙන හැටියට
ඇත්ත ඇත්ත. ඒ වුනත් අපි ජීවත් වෙන්නේ ලෝකයක් ඇතුලේ. අපේ කෙරුවාවල් ලෝකේ අනිත් රටවලටත් බලපානවා. අපිට අපේ පාඩුවේ කටයුතු කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ.
මහින්ද අපේ රට ගෙන තීරණ ගන්න අයිතිය චීනෙට දීලා ගොඩක් කල් , රනිල් තමන් දක්ෂිණාංශික කියල අැමෙරිකාවෙන් , යුරෝපයෙන් උදවු ගන්න ට්‍රයි කරනවා .
මැදිහත් නොවෙනවා කියන එකේ ව්‍යාංගාර්ථය මැදිහත් වෙනවා විය හැකිය !
එක අතකට ඇමරිකාවෙ කොලනියක් වෙන එක හොදයි. දැන් අපේ රට මේ දේශපාලකයන්ගේ කොලනියක් වෙලයි තියෙන්නෙ. අපරාදෙ සුද්දා අපිට නිදහස දුන්නෙ. එහෙම නොවුනනම් අපේ රට මීට වඩා ගොඩක් දියුණු වෙලා තියේයි. අවුරුදු හැත්තෑවක් තිස්සෙ හිටපු අපේ දේශපාලකයො රට විනාශ කලා
අනේ දේශපාලු මහත්වරුනි. දෙපැත්තටමයි කියන්නේ. නිකම් බොරු කරන්නේ නැතුව අපේ රට එක සැරේ කොයි රටකට හරි විකුණලා දාලා කීයක් හරි මඩි ගහගන මේ රටෙන් තොලොංචි වෙලාම යන්න. මේක අලුතෙන් ගන්න රට ඔහෙලා තරම්ම අපට හානි කරාවි කියල මම හිතන්නේ නැහැ.