ලෝකවාසීහු 2018 නව වසර සමරති 2017 වසර ගෙවී 2018 වසර උදාව සැමරීමට ලෝකයේ රටවල් රැසක ප්‍රධාන නගරවට උත්සව රැසක් සංවිධානය කර තිබිණි. 01 January 2018
ඉන්දියා ධීවරයන් 13ක් අත්අඩංගුවට යාපනය කච්චිතිව් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වී ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු හා ඔවුන්ට අයත් ට්‍රොලර් යාත්‍රා දෙකක් අද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 31 December 2017
වනජීවී දෙපාර්තමේන්තුව පූර්ණ ප්රතිසංවිධානයකට වනජීවි දෙපාර්තමේන්තුවට අවශ්‍ය සම්පත් නොඅඩුව ලබාදෙමින් එය පූර්ණ ප්රතිසංවිධානයකට ලක්කිරීමේ කටයුතු රජය මේ වන විට සිදුකරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 31 December 2017
අනුරාධපුර අනතුරකින් 10ක් රෝහලේ තන්තිරිමලේ සිට අනුරාධපුරයට පැමිණෙමින් තිබූ බට්ටා වර්ගයේ වැන් රථයක් අද (31) අනුරාධපුර ලොලුගස්වැව ප්‍රෙද්ශයේදි පෙරලිමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් දස දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි. 31 December 2017
ඉන්දීය ධීවරයින් 69 දෙනෙකුට නිදහස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නියැලීම හේතුවෙන් මෙරට අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයින් 69 දෙනෙකු යලි එරටට භාර දීම අද ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි. 31 December 2017
බලපත් රහිත ගුවන් විදුලි නාලිකාවක් වටලයි බලපත්‍ර රහිතව ගුවන් විදුලි නාලිකාවක් පවත්වා ගෙන ගිය පුද්ගලයින් සිව් දෙනෙකු හා ලක්ෂ විස්සකට අධික වටිනාකමින් යුත් උපකරණ තොගයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරින් හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ව කළ වැටලීමක දී අත් අඩංගුවට ගෙන ඇත. 31 December 2017
ස්වයං රැකියාලාභීන්ට දුන් කෝටි 60 න් කෝටි 55 ක් හරවා යවලා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්වයංරැකියා ලාබීන් සඳහා 2017 වර්ෂයට වෙන්කළ රුපියල් කෝටි හැටකින් කෝටි පනස් පහක් නැවත මහා භාණ්ඩාගාරයට හරවා යැවීමට සිදුවී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 31 December 2017
වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියෝ තවත් උපවාසයකට සැරසෙති දෙසැම්බර් 31 වැනිදාට පෙර සයිටම් අහෝසි කරන බවට රජය දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනවාරි මාසයේ දිනක යළිත් මාරාන්තික උපවාසයක් අරඹන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය කියයි. 31 December 2017
මාලිම්බඩ පොල්ලෙලි ගොඩකින් ආයුධ රැසක් මතුවේ මාලිම්බඩ පාලටුව ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් හිටපු යුධ හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුව එම ස්ථානයේ තිබී අතුරුදන් වු බව කියන ගිනි අවිය ඇතුළු අවි ආයුධ විශාල තොගයක් අපරැක්කවත්තේ නිවසක පිටුපස සගවා තිබීයදී සොයා ගත් බව මාලිම්බඩ පොලීසිය පවසයි. 31 December 2017
ඒක පුද්ගල ඡායාරූප ඉවත් කිරීමට නියෝග ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ඇති පක්ෂ කාර්යාල හා අපේක්ෂක කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති ඒක පුද්ගල ඡායාරූප (අපේක්ෂකයාගේ) දින තුනක් ඇතුළත ඉවත් කිරීමට දඹුල්ල මැතිවරණ බල ප්‍රෙද්ශයේ දේශපාලන අධිකාරියට දැනුම් දී ඇති බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ගාමිණී මීගහකුඹුර මහතා 31 දින පැවසීය. 31 December 2017
ධීවර යාත්‍රාවන්ට ටැබ් සවිකළාට විරෝධය කල්පිටිය ධීවර වරායේ නැංගුරම්ලා ඇති බහු දින යාත්‍රා වන්හී අද (31) අලුයම සිට කලු කොඩි ප්‍රදර්ශනය කර තිබේ. 31 December 2017
කොණ්ඩා කපන්න ගාණ වැඩී කීවාම පිට කපලා පුත්තලම නගරයේ කරණවැමියකුගේ පිහි පහරට ලක්වු පුද්ගලයකු තුවාල ලබා පුත්තලම මුලික රෝහට ඇතුළත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 31 December 2017
නායගිය පාලමට අලුත් පාරක් ගාල්ල සිට මාදම්පේ දක්වා ඒ17 මාර්ගය සූරියකන්ද එග්බර්ත් රෝහල අසලින් පාලමක් නාය යාම හේතුවෙන් ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට ඇති අතර යතුරු පැදියක් වැනි කුඩා වාහනයක් පමණක් ගමන්කල හැකි තත්වයේ පැවතියද එයද අනතුරුදායක තත්වයේ පවතී. 30 December 2017
ලක්ෂ 50ක කප්පමෙන් 39 ක් සොයාගනී. ලක්ෂ 50කප්පම් සිද්ධියේ මහ මොලකරු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් මුදලින් 39 ලක්ෂ අසුදහසක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. 30 December 2017
ඇත් දළ ළඟ තබාගත් සැකකරුවන් 12 දා තෙක් රිමාන්ඩ් අඩි හතරයි අගල් හතකින් යුත් ඇත් දළ යුගලක් සමග ඊයේ (29) අලුයම අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන ජනවාරි මස 12 වන දින දක්වා රිමාන්ඩි කරන ලෙස අනුරාධර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (30) නියෝග කලේය. 30 December 2017
බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනපතිට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙන ලදි. 30 December 2017
ඉපලෝගමින් අත්බෝම්බ දෙකක් හමුවෙයි ඉපලෝගම ශාන්තගම ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ වළ දමා තිබූ විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් ඉපලෝගම පොලිසිය විසින් අද 30 සොයා ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු ද සැක පිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 30 December 2017
කාසල්රි ජලාශයේ කාන්තා මළසිරුරක් කාසල්රි ජලාශයේ පාවෙමින් තිබු කාන්තා මළසිරුරක් අද (30) උදැසන සොයා ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි. 30 December 2017
හල්දුම්මුල්ල ප්‍රා. සභාවේ සුදු හඳුන් ගස හොරෙන් කපයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා භූමියේ තිබූ ඉතා වටිනා සුදු හඳුන් ගසක් අද (30) අළුයම සොරුන් කණ්ඩායමක් විසින් කපාගෙන ගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය කියයි. 30 December 2017
යාපනය - කොළඹ බස් දෙකකට ගල් ගසති යාපනයේ සිට කොළඹ දක්වාත් කොළඹ සිට යාපනය දක්වාත් ගමන් ගනිමින් තිබු අර්ධ සුඛෝපභෝගි බස් රථ දෙකකට අද(30) අලුයම අනුරාධපුර පංඩුලගමදි පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. මෙම ගල් ප්‍රහාරය හේතුවෙන් මෙම බස් රථ දෙකේ ඉදිරිපස විදුරු වලට බරපතල හානි සිදුව තිබුණි. 30 December 2017
බැඳුම්කර වාර්තාව හෙට ජනපතිට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව හෙට (30) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දීමට නියමිතය. 29 December 2017
වැඩි මිලට පොහොර විකුණන තැනක් වටලයි පොලොන්නරුව ප්‍රදේශයේ වැඩි මිලට පොහොර අළෙවි කළ ව්‍යාපාරික ස්ථානයක් අද පස්වරැවේ වටලා සැකකරුවකු සහ පොහොර මිටි 102ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි. 29 December 2017
යාපනය සරසවියේ පර්යේෂණ අංශයකට ලක්ෂ 96 ක් නව නිපැයුම් සදහා පර්යේෂණ අංශයක් පිහිටුවීමට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් රුපියල් ලක්ෂ අනූ හයක මුදලක් යාපනය විශ්ව විද්‍යාලයට පිරිනමනු ලැබීය. 29 December 2017
මුහුදේ නාන්න ගිය විදේශිකයෝ දෙදෙනෙක් මරුට හබරාදුව කොග්ගල සහ තල්පේදී අද දවල් මුහුදේ නාමින් සිටි විදේශිකයින් දෙදෙනෙකු මුහුදේ ගිලී මිය ගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 29 December 2017
ලක්ෂ 10 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 10 ට අධික වටින මත්ද්‍රව්‍ය තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත පිටවීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගනු ලැබ ඇත. 29 December 2017
බොරු කකුලේ මත්කුඩු සැඟවු හමුදා සෙබලෙක් අත්අඩංගුවට යුද හමුදා ආබාධිත සෙබලෙක් බොරු කකුලේ රුපියල් ලක්ෂයකට අධික මත්කුඩු සඟවා ගෙන යතුරුපැදියකින් යමින් සිටිය දී හොරණ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 29 December 2017
විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 2046 ක් අත්අඩංගුවට උත්සව සමය ඉලක්ක කරගෙන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මුළු දිවයින සියලූ පොලිස්බල ප්‍රදේශ ආවරණ වන පරිදි පැය හතරක් පුරා සිදුකළ හදිසි විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 2046 දෙනක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථාන කියයි. 29 December 2017
‘කැලෑ විනාශ කරන්නන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා හැකියි’ වනාන්තර හා වනජීවින් වෙනුවෙන් ප්‍රකාශයට පත්කෙරුණු ජාත්‍යන්තර සම්මුතීන් ගණනාවකට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති බැවින් එකී සම්මුතීන්වලට එරෙහිව කැලෑ විනාශ කරන්නන් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට ගෙන යා හැකි යැයි විල්පත්තුව සුරකිමු සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පැවැසූහ. 29 December 2017
ඊමේල් ඔස්සේ ඡන්ද පැමිණිලි දිස්ත්‍රික් කාර්යාලවලට පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන පැමිණිලි ඒ ඒ දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයන් වෙත විද්‍යුත් තැපැල් ලිපින හරහා ඍජුවම යොමු කිරීමට අවස්ථාව සලසා දී ඇත. 29 December 2017
චූදිත අපේක්ෂකයන්ගේ ලයිස්තුවක් පොලිසියට මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතර සිටින විවිධ චෝදනාවලට ලක්වූවන්ගේ තොරතුරු සහිත වාර්තාවක් අද (29) පෙරවරුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත භාර දුන් බව පැෆරල් සංවිධානය පවසයි. 29 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026