(මාතලේ මහේෂ් කිර්තිරත්න)
මියන්මාර් රාජ්‍යයේ රාජ්‍ය කවුන්සිල් නායිකා හා එරට විදේශ ඇමතිනි අවුන්සාන් සුකි මහත්මිය සහ මියන්මාර්යේ ශ්‍රි ලංකා තානාපති නන්දිමිත්ර ඒකනායක මහතා අතර හමුවක් කවුන්සිල් නායිකා නිල නිවසේදි සිදු විය.
එම හමුවේදි රාජ්‍ය කවුන්සිලයේ නායිකා හා විදේශ ඇමතිනි අවුන් සාන් සුකි මහත්මිය පවසා ඇත්තේ දියුණු වෙමින් පවතින රටවල් ලෙස ශ්‍රි ලංකාව හා මියන්මාරය වැනි රාජ්‍යයන් ඉදිරියට යාමේදි විවිධ විදේශ රටවල් වලින් සිදු කරන විදේශ අතපෙවිම් ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකාවට ඉදිරියට තම රටේ පුර්ණ සහයෝගය ලබා දෙන බවත් ඉදිරියේදි ලංකාවේ සංචාරයක් සදහා එක්වන බවද ඇය මෙහිදි තානාපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ උපදෙස් ඕනේ නැහැ. ඔයාටත් දැන් වැඩ වැරදිලානේ තියෙන්නේ.
එයා එහෙම කියපු බවක් අපි කොහොමද දන්නේ?
අන්න නියම නායකයො.හැම දුප්පත් රටකටම ආදර්ශයක්.
එතකොට මේ සුකීට අපිට තියෙන අභ්‍යන්තර බලපෑම් ගැන පෙනුනේ නැත්තේ ඇයි?
අවුන්සාන් සුකී කියන්නේ මියන්මාර් රාජ්‍යයේ කලකට පෙර පහළ වූ ලොව පිළිගත්, නොබෙල් සාම තෑග්ග පවා හිමිකරගත් වැදගත් චරිතයකි. එහෙත් පසුගිය කාලයේ අසල්වැසි රෝහින්යා මුස්ලිම් සරණාගතයින් වෙනුවෙන් රාජ්‍ය කවුන්සිලයේ නායිකා හා විදේශ ඇමතිනි අවුන් සාන් සුකි දැරූ දරදඬු පක්ෂග්රාහී ප්‍රතිපත්තිය නිසා ලෝක නායකයින්ගේ පිළිකුලට භාජනය විය. බලාගෙන යනකොට ඇයත් අපේ රටේ දේශපාලුවන්ගේ මල්ලට වැටෙන කෙනෙක්... එයාගේ කැමැත්ත හෝ අකමැත්ත අනුව ලෝක නායකයන්ගේ ප්‍රතිපත්ති අපේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රකාශ කරවීමට ඇයට හෝ වෙන කෙනෙකුට හෝ බලයක් හෝ අයිතියකුත් නැත!!!
මියන්මාරය කියන්නේ රටක්ද?
විරුද්ධවාදීන් සමුල ඝාතනය කරන හැටි කියාදෙන්න නම් ලංකාවට එන්න එපා...
ඔය කතාව අපි විශ්වාස කරන්නේ ඔයදේම කියලා අවුන්සාන් සුකී මැතිණියගේ කන්තෝරුවෙන් නිකුත් කරපු නිවේදනයක් පෙන්නුවොත් විතරයි.
ඉතා වැදගත්. බෞද්ධ රටවල්, බටහිර, කතෝලික හා අරාබි මුස්ලිම් රටවල් වල කෙනෙහිලිකම් වලට විරුද්ධව එක්විය යුතුයි. මේ වෙලාවේ සුකී වගේ ලෝක පුජිත නායිකාවක් අප සමග සිටීම ඉතා අගෙයි. තම රටේ ස්වාධීනත්වය වෙනුවෙන් බටහිරෙන් පලදවපු නොබෙල් ත්‍යාගය පවා විසිකර දමන්න තරම් රටට ආදරය කල නායිකාවක්.
මේ වෙලාවේ අවුන්සාන් සුකීව ලංකරගත්ත එක ලොකුම මෝඩකමක්.
මේ වගේ අයගේ සහයෝගය ලංකාව තවත් අපකීර්තියට පත් වෙන තැනට යාමක්.
ඔබ වැනි කාන්තාවන් බටහිර ගැති සමහර ලංකාවේ අයට ආදර්ශයක් මැතිණියනි...
මියන්මාරය කියන්නේ චීන ණයමර උගුලට අහුවුණ තවත් දුෂිත දේශපාලකයෝ ඉන්න රටක්. චීනය විසින් ඩොලර් බිලියන 7.5 ක අනවශ්‍ය වරාය ගොඩනැගීමක් එහි ඉදිකළා, ලෝක ප්රවෘත්ති කියවල බලන්න, සුකී ට බැහැ ලංකාවට උදව්කරන්න අවවාද දෙන්න