(ඩයනා උදයංගනී)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අග්රාමාත්යධූරය අහිමිවූවා මෙන්ම විපක්ෂනායකධූරය හා එක්සත් ජාතික පක්ෂ නායක ධූරයද අහිමි වනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ අනුමත නොකරන එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පිරිසක් ඉදිරියේදී රජය සමඟ එක්වන බව කී අලූත්ගමගේ මහතා ආණ්ඩුවට එක්කරගැනීම සඳහා කිසිවෙකුටත් වරප්‍රසාද, මුදල් ලබාදීමක් හෝ ඔවුන්ගේ කොන්දේසිවලට එකඟවීමක් නොකරන බව ද කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (01) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ දෙමළ ජාතික සන්ධානයට පවතින විපක්ෂනායකධූරය වෙනස් කිරීමේ බලාපොරොත්තුවක් නැති බවත්, එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ විපක්ෂය කළදේම දැන් ඔවුන්ට කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියව කියව ඉන්නේ නැතුව බහුතරය පෙන්නලා වැඩේ ඉවර කරලා දාන්නකෝ එහෙනම්.
එතරම් දැහැමෙන් සෙමෙන් වැඩේ වුණා කියන්නේ අගමැති පුටුව විතරයි වෙනස් කරන්න ඕන වෙලා තියෙන්නේ කියන එකනේ... පෙනෙන විදිහට වැඩපිළිවෙලේ ඉතිරිටික කරගෙන යන්න හිටපුකෙනාගේ නායකත්වය යටතේ අනිත් පාර්ශව ඉදිරියට යන්න කැමති නැති නිසා ස්ටෑන්ඩ් බයි සිටි කෙනා දැම්මා වගේ... කවුරු හරි කමක් නැහැ අපිව වලේදාන්නේ නැතිනම්...
හැමදම මේ වගේ කතා විතරයි... රට ගොඩනගන ප්‍රතිපත්ති ගැන කවුරුත් කතා කරනවද?
පලවෙනි වර ඇමතිධූර පිරිනැමූ බහුතරය එජාපයෙන් පැනපු, ආපහු පනියිද කියලා විශ්වාස නැති අයයි. දෙවෙනි වර ඇමති වූ බහුතරය තම පක්ශයේම අනිත් පැත්තට පනියිද කියලා විශ්වාස නැති අයයි. කොහෙන් ගියත් පනින අයට සහ පනින්න වගේ ඉන්න අයට තමයි වාසි.
අයි ඉතින් ඔච්චර පරක්කු?
කොහෙද ඔය කියන මිනිස්සු ඉන්නේ? ඉන්නවනම් එන්න කියන්නකෝ.
යන්තම් නඩු ගොන්නම කැලේට විසිකර ගන්න පුළුවන් වුනානේ. හරි සතුටුයි නේද?
එහෙම නම් මොකටද සම්බන්ධන් මහත්තයාට පින්සෙන්ඩු වුනේ?
ඔව් ඔව් කතාව ඇත්ත.
යනෙන අය ගැන පේන බැලුවට වැඩක් නැහැ. අගමැති මහින්දට පාර්ලිමේන්තු බහුතරය ඔප්පු කරන්න බැරිවුණොත් රට වැටෙන්නෙ කොතැනටද කියලා හිතලා බැලුවොත් තමයි හොඳ...
ඡන්දය දෙන අපි තමයි හරක්.. එච්චරයි මට කියන්න තියෙන්නේ...