( අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුවේ බහුතර බලය පිළිබඳ කිසිඳු සැක සංකාවක් ඇති කර නොගන්නා ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමට අද (01) දැනුම් දුන්නේය.
එක්සත් පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් මන්ත්‍රී කණ්ඩායම අරලියගහ මන්දිරයේදී අද (01) පැවැත්වු රැස්වීමකදී මේ බව සඳහන් කළේය.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්වීමේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හමුවීමටද මෙම රැස්වීමේදී තීරණය විය.
මෙම මන්ත්‍රී මණ්ඩල රැස්වීම සහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සහභාගීවී සිටීම විශේෂත්වයක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
වෙනත් දිනවල කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරුන්ගේ අඩුවක් තිබුණද මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා ඉතා උද්යෝගයෙන් මන්ත්‍රීවරුන් පැමිණ සිටි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බහුතරය බලයට බය නැහැ ඔක අපට වැදගත් නැත.එක වටින්නෙ දියවන්නාවෙි ගෙමිබන්ටය. අපට අවශ්‍ය සිංහලයන් ට අැති මෙි භුමියෙහි ආරක්ෂාවයි.
අපිට කොහොමත් බයක් නෑ,ඔබතුමා තමයි බය වෙන්න ඕන ..
මෙන්න නියම වීරයො....... උගත්...නිහතමානී ...පීඩනය විදගන්න පුළුවන් ... විරල නායකත්වය
කතානායක බලතල අනුව පාර්ලිමේන්තුව නොකැඳවන්නේ... ඊට බහුතර මන්ත්රීඉල්ලීමක් දැන් නැති නිසාය. බහුතරය දැන් ගිලිහී අවසානය. ප්‍රමාදයෙන් පෙන්නුම් කෙරුනේ ඔබගේ වැඩ බැරිකමයි. තුනෙන් දෙකේ බලයද ලබා ගනීද යන සැකය දැන් පවතී...
මහින්ද අායෙත් නෝණ්ඩි වුනා වගේ කියලා හිතෙන්නේ මට විතරද?