(බිඟුන් මේනක ගමගේ)
ආරක්ෂක හේතුන් මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ ශ්‍රීමතීපාය ගොඩනැගිල්ල ඇතුළත පරිශ්‍රයේ අවසරයකින් තොරව දුරකථන භාවිතයෙන් වළකින්නැයි එහි සියලුම නිලධාරින්ට අද දැනුම් දී ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් (පාලන හා සංවර්ධන) ඒ.එච් සුනිල් ගුණවර්ධන මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක් මගින් මෙම දැනුම් දීම කර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අතිරේක ලේකම්(පාලන හා සංවර්ධන) ඒ.එච් සුනිල් ගුණවර්ධන මහතා පැවසුවේ මැති ඇමැතිවරුන් ඇතුලු ප්‍රභූන් රැස්වීම් පවත්වන ස්ථානවල අනවශ්‍ය ලෙස දුරකථන භාවිතයෙන් මතුවන ගැටලු හේතුවෙන් මෙම දැනුම් දීම කළ බවය.
කෙටි කලෙකට පමණක් මෙම තත්ත්වය ක්‍රියාත්මක වන බවත් හුදෙක්ම එය ආයතනයේ විනය පවත්වාගැනීමේ අදහසින් කළ ඉල්ලීමක් බවත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරතුරු දැනගැනීමේ නිදහස, මාධ්‍ය සදාචාරය, මාධ්‍ය නිදහස වගේ දේවල් කවදාවත් නැති අන්දමට දෝරේ ගලන්න පටන් අරගෙන. සීමා මායිම් දාන දුරකතන කියන්නේ ජංගම ඒවා වෙන්න ඇති. මොකද ඒවයින්නේ දැන් සිද්ධ වෙන දේවල් ක්ෂණයකින් රූප ගත කරලා අන්තර් ජාලයට යන්නේ. කිසිම අණක් ගුණක් නැතුව තමන්ගේ අනසකට නතුකර ගත්තාට වර්තමානයේ ප්රවෘත්ති දැනගැනීම සඳහා භාවිතයට පත්වෙලා තියෙන වෙනත් ක්‍රම සහ විධි තියෙන නිසා ඒවා පිළිබඳව බය වෙලා වෙන්න ඇති මගේ හිතේ. එහෙම නැත්තනම් වටේට ඉන්න කට්ටිය විශ්වාස නැති නිසාද මෙහෙම පියවරක් ගත්තේ? අර මහනායක හිමිනමක් " හිට්ලර් කෙනෙක් වෙලා හරි රට හදන්න " කීව කතාව හිස් මුදුනෙන් පිළි අරගෙන පාලනයක් පතුරුවන්න පටන්ගත්තා කල් වැඩි නැද්ද?
අගමැති කාර්යාලයේ පමණක් නොවේ සියලු රාජ්‍ය ආයතනවල වැඩකරන වේලාවන් තුලදී දුරකථන භාවිතය අවම කලයුතුවේ. දැන් ටික දවසකට ඉස්සර වෘත්තීය සමිති සංගමයක් පවත්වන ලද සමීක්ෂණයකදී ඔප්පු වුනා වගේ මතකයි, රාජ්‍ය ආයතනවල වැඩකරන වේලාවන් තුළදී දවසේ වැඩකරන කාලයෙන් 50% - 60% වැඩි ප්‍රමාණයක් දුරකථන භාවිතය හා රාජකාරි නොවන අන්තර්ජාල භාවිතය සඳහා වැය වන බව...
එලවනවානම් පෝන්, ලයිට්, වතුර කපන්න. නිකම්ම යයි.
ඔය තියෙන්නේ ඉල්ලන නිදහස...