(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය අණ්ඩුවෙන් ඉවත් කළ යතු බව හැමෝම කීවද තමා කළේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) රාත්‍රී පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
සියලු දෙනාගේම සහය ලැබෙන්නේ නම් තමා බහුතර ආණ්ඩුවක් නොව තුනෙන් දෙකක ආණ්ඩුවක් සාදන බවද ජනාධිපතිවරයා ජනාධිපති නිල නිවසේ අද රාත්‍රී පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එකතු වීමට බොහෝ පිරිසක් සිටින බව පවසා ඇති ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩුව පිහිටුවීමේ කිසිදු ගැටළුවක් නැති බවද පවසා ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුව පිහිටුවීමට කොන්දේසි විරහිතව දක්වන සහය අගය කර ඇති ජනාධිපතිවරයා ඇමැතිවරු කණ්ඩායම් දෙකක් දැනටමත් දිවුරුම් දී ඇති අතර තවත් පිරිසක් අද හෙටම දිවුරුම් දෙන බවද පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ මොනවා කිව්වත්, කෙරුවත්, සත්‍ය කුමක්දැයි ඔබගේ හදවත දන්නවා. හෘදය සාක්ෂිය කුමක්දැයි ඔබම දන්නවා. පාර්ලිමේන්තුව කල් තබා කළ දේ හොඳ නැති බව ඔබම දන්නවා. ඔබට මහින්ද මහතා සමග එකතු වී රනිල් පරද්දන්න තිබුණා නම්, නිවැරදි ආකාරයකට එය කරන්න තිබුණා. රනිල්, අසාර්ථක මුදල් ඇමතිවරු පත් කරගෙන ගිය ක්‍රමය අපද අනුමත කරන්නේ නැහැ. මෙහිදී අපද පෙරදී විරෝධය දක්වා තිබෙනවා. රනිල්, මහින්ද ගැන අපට ප්‍රශ්නයක් නැහැ. ඒ දෙදෙනා ගැන ජනතාව තීරණයක් ගනීවි. ඒත් සුළු ඡන්ද බලයක් තියාගෙන අනුන්ගේ පිහිටෙන් බලයට පැමිණ උදව්කල අයටම වල කපන ඔබ ගැන අපට කිසිදු විශ්වාසයක් නැහැ. එදා අගමැතිකම නොදුන් නිසා අනිත් පැත්තට පැමිණ මහින්ද මහතාට හිරිහැර කොට, පසුව පැමිණි පැත්තට වල කැපුවා. ඒත් මේ වලේ ඔබම වැටෙන්නට බැරි නැහැ. මේක දහම් දිවයින බව අමතක කරන්න එපා.
කොහොමත් කියන එක නෙමෙයිනේ කරන්නේ. තේරුම් ගන්න එකේ අප්සට් එකක්ද මන්දා...
පුලුවන්නම් ලබන සැරේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙලා දිනලා පෙන්වන්න.
ඔබතුමා අවුරුදු තුනටම කරේ එක වැඩයි. ඒ තමන් හදපු ආණ්ඩුව පෙරලපු එක... පමාවෙලා හෝ මොලේ පැදුණු එක වටිනවා.
එක වෙලාවකට කියනවා ඝාතන සැලැස්මක් කියලා. දැන් කියනවා ශ්‍රී ලංකා එක ආණ්ඩුවෙන් අයින් කරන්න කියපු නිසා කියලා. අනේ මන්දා. මේවා අහලම අපේ ඔලු ගෙඩි ටිකත් තෝන්තු වෙලා වගේ...
මහින්දගේ ෆයිල් ටික කොහේද? වැසිකිළි වලේද? දැන් රනිල්ගේ මහබැංකු ෆයිල් ටික අතට ගන්න, 2020 වෙනකම්.. වැහි නැති හෙන ගහන්න ඕනේ.. රටේ සල්ලි හොරකම් කරලා ඒ මදිවට මිනිසුන්ව ගොනාට අන්දනවද?