කම්කරු ඇමැති උසාවි කැඳවයි
තේ සහ රබර් වතු කම්කරුවන්ට ගෙවිය යුතු දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට නියම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් සහ විසින් ගොනු කල රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මැයි මස පස්වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද ( 05) කම්කරු අමාත්‍යවරයා ,කම්කරු කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කෙරිණ.