සජබ මන්ත්‍රීවරු කතානායක අසලට පැමිණ උද්ඝෝෂණයක රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ආසනයට වෙනත් අයකු පත් කිරීමට ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙසට බල කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගේ ආසයන අසලට පැමිණ උද්ඝෝෂණය කිරීම නිසා පාර්ලිමේන්තුව දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. 07 April 2021
අවුුරුදු දීමනා නැතැයි ඛනිජ වැලි සේවකයෝ වැඩ වරති ලංකා ඛණිජ වැලි සංස්ථාවට අයත් පුල්මුඩේ පිහිටි යන්ත්රාගාර සේවකයන්ට ලැබිය යුතු අලුත් අවුරුදු ප්‍රසාද දිමනාවේ ප්‍රශ්ණයක් මුල්කර ගෙන සේවක වැඩ වර්ජනයක් ආරම්භ කිරිම නිසා අද (07) යන්ත්‍රාගාරයේ මෙහෙයුම් කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල විය. 07 April 2021
අවුරුදු නැකතට හිටවන්න විජය සේවකයන්ට පැල විජය පුවත්පත් සමාගමේ කාර්ය මණ්ඩලයට අවුරුදු නැකතට සිටුවීම සඳහා පැළ ලබාදීම පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමාගම් පරිශ්‍රයේදී අද (7) පෙරවරුවේ සිදුකෙරිණි. 07 April 2021
කුලී නිවෙසේ සිටි තරුණයකු කපා කොටා ඝාතනය කරලා ගල්කිස්ස ප්‍රදේශයේ කුලී නිවසක් තුළ දී තරුණයකු තියුණු ආයුදයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 07 April 2021
රන්ජන්ගෙ පුටුවට අජිත් රන්ජන් රාමනායක මහතාගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ආසනය සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ අජිත් මාන්නප්පෙරුම මහතා පත් කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි. 07 April 2021
අවශ්‍යතාවයට පාම් තෙල් ගෙන්නන්න අවසර කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීමට බලපත්‍ර දෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 07 April 2021
‘‘වේ‘‘ ගඟේ මැණික් ගරන්න තහංචි ඉවතට රත්නපුර වේ ගගේ මැණික් කැණීම සඳහා අවසර දීමට මැණික් හා ස්වරණාභරණ අධිකාරිය තීරණය කර තිබේ. 07 April 2021
ශානි තවදුරටත් රිමාන්ඩ් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා ව ලබන 21 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (07) නියම කළේ ය . 07 April 2021
විරෝධතා පාගමනක් නිසා ටවුන්හෝල් අවට වාහන තදබදයක් ඒකාබද්ද සෞඛ්‍ය සේවකයන්ගේ විරෝධාතා පාගමනක් හේතුවෙන් පුරහල අවට වාහන තදබදයක් පවතින බව අප වාර්තා කරුවෝ පවසති. 07 April 2021
රන්ජන්ගේ මන්ත්‍රී පුටුව හිස් රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි අද (7) පැවැසීය. 07 April 2021
කොළඹට අද හිරු මුදුන් වේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) සවස් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 April 2021
සංචාරයට ඇවිත් සූදු ගහලා බම්බලපිටිය ලෝරිස් පාර නිවසක් තුළ චීන ජාතිකයන් පවත්වාගෙන ගොස් තිබූ සූදු පොළක් වටලා චීන කාන්තාවක් ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 April 2021
කැලෑ කැපීම ගැන නීතිපති වන සංරක්ෂණ නිලධාරීන් සාකච්ඡාවක රටේ වනාන්තර එළි කරන බවට මාධ්‍ය මගින් පැතිර යන කරුණු පිළිබඳව විමසීම සඳහා වන සංරක්ෂණ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කැඳවා නීතිපති දප්පුල ද ලිවේරා මහතා සාකච්ඡාවක් පැවැත් වූ බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනිය පවසයි. 07 April 2021
විශ්‍රාම ගිය සී අයී ඩී නිලධාරීන්ට යළි අවස්ථාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්රාමගොස් සිටින දක්ෂ නිලධාරීන් පිරිසක් යළි සේවයට බඳවා ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය. 07 April 2021
‘වෙළඳපොලේ පොල්තෙල්වල පිළිකාකාරක නැහැ‘ වෙළෙඳපොලේ පොල්තෙල්වල පිළිකාකාරක නැතැයි පරීක්ෂණ වලදී හෙලිවී තිබෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ( 6) පැවසීය. 07 April 2021
මහපොළට කෝටි 164 ක පාඩුවක් මහපොළ භාරකාර අරමුදල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සීමිත සමාගම (SLIIT ) සමඟ 2003 වර්ෂයේදී එළැඹි ගිවිසුම අනුව එම අරමුදලට රුපියල් කෝටි 164 කට වැඩි ප්‍රතිලාභයක් ලැබීමට නියමිතව තිබුණත් එවකට එහි භාරකාර මණ්ඩලය ගත් වැරදි තීරණ නිසා එම ප්රතිලාභ අහිමි වී ඇතැයි මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවට ඊයේ (6) ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙයි. 07 April 2021
‘‘ආනයන භාණ්ඩ 5800 විමර්ශනයකට ලක් වෙන්නේ නෑ‘‘ රේගුවෙන් වෙළෙඳ පොළට නිකුත්කරන භාණ්ඩ 7200 ක් අතුරින් 5800ක් කුමන ආකාරයකින්වත් විමර්ශනයකට ලක් වන්නේ නැතැයි සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 April 2021
විෂ පොල් තෙල් ප්‍රති අපනයනයට ‘ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරක අඩංගු පොත්තෙල් යැයි හ`දුනාගත් පොල්තෙල් තොගයෙන් පොල්තෙල් කන්ටේනර් හයක් මැලේසියාවට හරවා යැවීම සඳහා කොළඹ වරායේ ස්ථානගතකර තිබුණි. 06 April 2021
‘මම යකඩ ගැහැණියක්‘ තමන් යකඩ ගැහැණියක් බවත් කෙනෙහිළිකම්වලින් වැට්ටිය නොහැකි යැයි ශ්‍රී ලංකා විවාහක රූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය අද (06) පස්වරුවේ පැවසුවාය. 06 April 2021
ආමි සුරංග ඝාතනයට පොලිසියේ තුනක් අත්අඩංගුවට ගන්න යයි පාතාල කි‍්‍රයාකාරිකයකු වූ බුද්ධික ප්‍රසාද් ගමගේ නොහොත් ‘‘ආමි සුරංග’’ නමැත්තා පොලිස් අත්අඩංගුවේ සිටියදී ඇඹිලිපිටිය සෙවනගල ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට අද (06) උපදෙස් දුන්නේය. 06 April 2021
කෝප් කමිටුවට ගිය ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරින් ආපසු හරවා යවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු සෙසු නිලධාරීන්ගේ ධූර කාලය අවසන් වී ඇති බැවින් කෝප් කමිටුවට සහභාගී විය නොහැකි බව එම කමිටුව ඔවුනට දැනුම් දුන්නේය. 06 April 2021
විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවක් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (6) පැවැත්විණි. 06 April 2021
බස්නාහිර උපකාරක පන්තිවලට කොළ එළියක් බස්නාහිර පළතේ උපකාරක පන්ති ලබන 12 වැනිදායින් පසුව විවෘත කිරීමට අවසර ලැබෙන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. 06 April 2021
සංචරණ සීමා පනවන්නේ නෑ-යුද හමුදාපති අලුත් අවුරුදු සමයේ සංචරණ සීමා පැනවීමට කිසිදු බලාපොරෛාත්තුක් නැතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 06 April 2021
ක්ෂුද්‍ර මූල්‍ය ණයට එරෙහිව උද්ඝෝෂණයක් ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්නැයි ඉල්ලා එම ණය බරින් විපතට කාන්තාවන් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (06) පොලොන්නරුව,හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්විණි. 06 April 2021
වැලිකඩ බන්ධනාගාරයට පාර්සල් දෙකක් පියාඹයි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට ඉහළින් වැටුනු පාර්සල් දෙකක තිබී ජංගම දුරකතන 9 ක් ඇතුලූ තහනම් භාණ්ඩ රැසක් තිබී සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි. 06 April 2021
දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් ප්‍රවාහනයෙන් ඉවත්වෙති සියලුම දුම්රිය පාර්සල් ප්‍රවාහන කටයුතුවලින් අද(06) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වීමට කටයුතු කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි. 06 April 2021
රොක්වුඩ් වතුයායේ ගින්නක්:අක්කර 10ක් දැවේ කාසල්රි ජලාශ රක්ෂිතය ආසන්නයේ පිහිටි නොර්වුඩ් රොක්වුඩ් වතුයායේ පිහිටි ලදු කැලැවක සහ වන වගාවක අද (6) දහවල් හටගත් ගින්නකින් අක්කර 10 පමණ විනාශ වි ඇති බව එම වතු යායේ පාලන අධිකාරිය පවසයි. 06 April 2021
රන්ජන්ට නිවාඩු දෙන්න බෑ-කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් මැතිසබයේ නිවාඩු අනුමත කළ නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (6)පැවැසීය. 06 April 2021
වන විනාශය එපා: එජාපය පාරට බහී රට තුළ සිදුවන වන සංහාරයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් කොළඹ තුම්මුල්ල මංසන්ධියේ දී අද (06) දැවැන්ත විරෝධතාවයක් පැවති අතර විරෝධතාව අතරතුර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලය වෙත සංදේශයක් භාර දීමට ද පිරිස කටයුතු කළේය. 06 April 2021
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026