බඹරු ඇනීමෙන් දෙමෝදර පාසලක සිසුන් 8 ක් රෝහලේ බඹරු ඇනීමෙන් දෙමෝදර විදුහලක සිසුන් අටදෙනකු අද (9) දහවල් දෙමෝදර රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි . 09 April 2021
රණවිරු ගැටලුවලට විසඳුම් ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ලබාදීම වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව මේ වන විට ඇමති මණ්ඩලයට යොමු කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 09 April 2021
මූදු ගිය තිදෙනෙක් අතුරුදන් යාපනය වඩුක්කොඩ්ඩඩෙයි පොලිස් වසමේ කරෙයනගර් ප්‍රදේශයෙන් මසුන් ඇල්ලීමට මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදහන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි. 09 April 2021
අපතේ යන එළවලු පලතුරුවලින් කෝටි 2000 ක පාඩුවක් එළවලු හා පලතුරු මෙට්‍රික්ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක් පමණ විවිධ හේතු මත අපතේ යෑමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වසරකදී රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් සිදු වන බව රජයේ ගිණුම් පිළිබ ඳ කාරක සභාවේදී ( කෝපා ) තොරතුරු අනාවරණයට විය 09 April 2021
අජිත් මානප්පෙරුම දිවුරුම් දෙයි රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් ඇති වූ පුරප්පාඩුවට පත් කෙරුණු අජිත් මාන්නප්පෙරුම මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (09) සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය. 09 April 2021
සොරණාතොට ගැමියෝ පාරට බසිති සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වත්තේකැලේ ,කන්දේගෙදර එගොඩවෙල, ඇතුළු ගම්මාන රැසක හැටකට 60 ක පමණ පිරිසක් අද (09) උදෑසන සොරණාතොට ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ. 09 April 2021
යාපනයේ මහ නගරාධිපති අත්අඩංගුවට යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා අද (09) අලුයම අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි. 09 April 2021
මන්ත්‍රීට බිත්තර ගැසුවාට ආධාරකරුවෝ විරෝධයක පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාදුක්ක ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවේ සභාපති ජගත් කුමාර සුමිත්‍රා ආරච්චි මහතාගේ නිල රථයට කුණු බිත්තර ගැසීම සහ හූ කීමට එරෙහිව අද (09) ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි. 09 April 2021
ඛනිජ තෙල් සංස්ථාව සල්ලි හොයන උල්පතක් පාදා ගනී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නැව්තෙල් ආනයනය වසර දහඅටකට පසු යළි තමන් සතු කරගත් බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා කියයි. 09 April 2021
අංගොඩ ලොක්කාගේ ගුරා අල්ලයි අංගොඩ ලොක්කා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගුරා බව කියන (අපරාධ සඳහා යොමු කළ බව කියන) සරත් කුමාර නොහොත් ’’චීටි ’’ නැමැත්තා මුල්ලේරියාව ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය අද (9) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 09 April 2021
සවස නිවෙසින් බැහැරට යනවා නම් කුඩය අමතක කරන්න එපා ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 April 2021
පාර වැරදුණු රුහුණු කුමාරිය යළි හරි පාරට මාතර සිට කොළඹ මරදාන දක්වා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානය පෙනි පෙනී පීලි පැන ඇතත් එය නැවත පීලිගත වී ඉදිරියට ධාවනය වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෝ කියති. 09 April 2021
ලක්ෂ දෙකක කප්පමක් ඉල්ලූ කාන්තාවක් ඇතුළු තිදෙනෙක් දැලේ අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ දෙකක කප්පම් මුදලක් ඉල්ලා සිටි කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය. 09 April 2021
කොටි පොලිස් ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් පහක් යාපන රාජකාරියේ යාපනය මහ නගර සභාවේ නගර ආරක්ෂාව වෙනුවෙන් පිහටුවා ඇති නව ඒකකයේ ආරක්ෂකයන් පස් දෙනාට ලබා දී ඇති නිල ඇඳුම සම්බන්ධයෙන් සහ එම ඒකකය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහළ මහතා පවසයි. 09 April 2021
පාම් ඔයිල් තහනම් කළ හේතුව කියයි පාම් ඔයිල් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යයට හානිකර නිසා යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 09 April 2021
යාපනය නගරාධිපති අත් අඩංගුවට යුද සමයේ එල්ටීටීඊ පොලිස් භටයන් භාවිතා කළ ඇඳුමට සමාන නිල ඇඳුමක් යාපනය මහ නගර සභාවේ සේවකයින් පස් දෙනකුට ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය මහ නගර සභාවේ නගරාධිපතිවරයා අද (9) අලුයම ත්‍රස්ත්‍ර කියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 April 2021
මුදල් ගිලින රකුසෙක් ගැන පී.බී.කියයි ශ්‍රී ලංකාව ඉන්දන ආනයනය සඳහා වසරකට රුපියල් කෝටි ලක්ෂයක් වැය කරන්නේ යැයි මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්, වර්තමාන ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා පවසයි. 09 April 2021
රට රැකියා දෙන බව කියා මුදල් ගැරූ තිදෙනෙක් අත්අඩංගුවට ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කිරීමේ යෙදුණු සංවිධානාත්මක කල්ලියක් මෙහෙය වූ පුද්ගලයෙක් ඇතුළු තිදෙනෙක් ගුවන් ගමන් බලපත්‍ර 98 ක් සමග බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ හෝටලයක දී අද(8) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි 08 April 2021
ජඹුරේවෙල චන්දරතන හිමිට පොලිස් ඇප කොළඹ කොටුවේ විරෝධතාවයක් අතරතුර ඇති වූ සිද්ධියකදී අඩංගුවට ගත් ජඹුරේවෙල චන්දරතන හිමියන් සහ සෙසු පුද්ගලයා පොලිස් ඇප මත මුදා හැරිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 08 April 2021
ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති ප්‍රමෝද්‍ය හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ. 08 April 2021
ලක්ෂ හැත්තෑවක මත් පෙති රේගුවේ හිරවේ රුපියල් ලක්ෂ 70 කට අධික වෙළෙපොළ වටිනාකමින් යුත් මත්පෙති සහ කුෂ් ගංජා තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයේදී අද (08) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි. 08 April 2021
අජිත් මාන්නප්පෙරුම මැතිසබයට රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ආසනය සඳහා හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වූ ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පත් කිරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (8) පස්වරුවේ නිකුත් කරනු ලැබීය. 08 April 2021
‘‘මේ සන්ධානය කඩා වෙන සන්ධාන ගොඩනගන්නේ නෑ‘‘ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ සන්ධානය බිඳදමා වෙනත් සන්ධානයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන වෙනත් පක්ෂවලට අවශ්‍යතාවයක් නැතැයි ශ්‍රී.ල.නි.ප මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. 08 April 2021
පුෂ්පිකා - කැරොලින් සාකච්ඡා අසාර්ථකයි ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස තමන් කිරුළු පැළඳූ අවස්ථාවේ එය බලහත්කාරයෙන් ගලවාගත් ලෝක විවාහක රූ රැජිණ වන කැරොලින් ජූරි සහ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර සමඟ සාකච්ඡා කර සමථයකට පත්වීමට උත්සාහ කළත් එය අසාර්තකවීම නිසා නීතිමය පියවර ගැනීමට තීරණය කළ බව විවාහක රූ රැජිණ වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය පැවසූවාය. 08 April 2021
අත් අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජිනට පොලිස් ඇප විවාහක රූ රැජිනකට බලහත්කාරකම් කිරීම සහ සුළු තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජන වන කැරොලයින් ජුලි සහ චූලා පද්මේන්ද්‍ර නමැති සැකකාරියන් පොලිස් ඇප මත මුදා හළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 08 April 2021
කොරෝනා විකෘති ප්‍රභේදය වැළඳුණු තව 12ක් හඳුනා ගැනෙති විදේශීය කොරෝනා විකෘති වයිරස ප්‍රභේද ආසාදනය වූ තවත් 12 දෙනකු මෙරටින් අලුතින් හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 08 April 2021
වසා දැමූ යාපනය යළි විවෘත කරයි කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වසාදැමු යාපනය පොදු වෙළඳ සංකීරණය සහ මධ්‍යම බස්නැවතුම්පල අද (08) සිට යලි විවෘත කළ බව යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යලය පවසයි. 08 April 2021
දංකොටුවෙන් ඇල්ලූ පොල් තෙල්වල විෂ දංකොටුවෙන් අත්අඩංගුවටගත් පොල්තෙල් බවුසර් දෙකේ පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව පරීක්ෂණයෙන් තවුරු වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පවසයි. 08 April 2021
සමනල වැව විදුලි බලාගාරයකින් කොරෝනා පොකුරක් සමනල වැව කපුගල විදුලි බලාගාරයේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල පුද්ගලයින් 42 කට කොරෝනා ආසාදිතව ඇතැයි වැළිගෙපොල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 08 April 2021
හෙටින් පසු දින දහයක් පාසල් නිවාඩු රජයේ පාසල් අලුත් අවුරුද්ද සඳහා අනිද්දා (10) සිට දින 10ක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 08 April 2021
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026